විවේචනය හරි ලේසියි! එතකොට ප්‍රශංසාව….

අපි හැම කෙනෙක්ම හරිම ලේසියෙන් කරන දෙයක් තමා අනුන්ව විවේචනය කරන එක.ඔබ,මම ඇතුලුව අපි හැමෝම වගේ මේ දේ කරනවා ගොඩාක් වෙලාවට.කාර්යාල සගයන්ගේ,යාළු මිත්‍රයින්ගේ,පවුලේ අයගේ සිට රටේ ආණ්ඩුව විතරක් නෙමෙයි අනිත් රටවල් වල කටයුතු දක්වා ගොඩාක් දේවල් අපි විවේචනය කරනවා.මුහුණටම කියනවාට වඩා නැති තැනදි විවේචනය කිරීමයි අපි බහුතර වෙලාවල් වලදි කරන්නේ.අවංකවම යම් පුද්ගලයෙකුගේ වැරදි හදාගන්න උදව්වක් වෙන්නනම් ඒක ඒ පුද්ගලයාගේ මුහුණටම කියන එකයි නිවැරදි විදිහ.එහෙම නතුව වෙන වෙන අයත් එක්ක කියලා කේලාන් මාර්ගයෙන් ඒ පුද්ගලයාට අහන්න සලස්වන එක එච්චර හොඳ නෑ.අනිත් කාරණේ තමයි අපිට වගේම අන් අයටත් ඔවුන්ගේ ජීවිත ඔවුන්ට රිසිසේ,නිදහසේ ගතකරන්න අයිතියක් තියෙනවනේ.අපි ඒ අයිතියටත් ගරුකරන්න ඕනිමයි.ඉතින් ඒනිසා අපි අන් අය ගැන ඕනිවට වඩා කරදර වෙන්න ඕනි නැහැ.යම් කෙනෙකුගේ ක්‍රියාවන් නිසා ඔහුටත් සමාජයටත් හානිදායක යමක් වෙනවනම් ඒක පෙන්නලා දීලා අපේ වැඩක් කරගෙන ඉන්නවා මිසක් අනුන්ගේ කරදර ඔලුවේ දාගෙන විඳවන්න ඕනි නැහැනේ.
කොහොමවෙතත් සාමාන්‍යයෙන් අපි ඕනිම කෙනෙකුට හොඳට වඩා මතක තියෙන්නේ නරකනේ.කියමනකුත් තියෙන්නේ
Do something right.no one remembers
Do something wrong,no one forgets   කියලා.ඒත් අපි ආඩම්බරයෙන් කියාගන්නවා වගේ අපි ජීවත්වෙන්නේ 21වෙනි සියවසේ දියුණු ලෝකෙක නම් අපේ ආකල්පත් දියුණු විය යුතුමයි.ඉතින් අපි මේ කියමන් වෙනස් කරන්න ඕනි කාලය ඇවිල්ලා.අනුන්ගේ වැරැද්දට වඩා ඔවුන්ගේ නිවැරදි දේ දකින්න පුරුදු වෙමු.ඒකට ප්‍රශංසා කරන්න අමතක නොකරමු.තමා තමන්ව උපමා කරගෙන බැලුවොත් අපි හැමෝම කැමති අපේ හොඳක් අනිත් අය කියනවා අහන්නනේ.ඉතින් අපි අන් අයටත් ඒ දේම දැනෙන්න උත්සාහ කරමු.පොඩි වචන පෙළකින් ලොකු සතුටක් ලබා ගන්න,ලබා දෙන්න උත්සාහ කරමු අපි දැන් ඉඳන්ම.උඳු වපුරලා මුං බලාපොරොත්තුවෙන්න බෑ වගේ තමන් කරන දේ අනුව තමයි ප්‍රතිඵලයත්.ඒනිසා අපි සතුට වගා කරලා සතුටම නෙළා ගන්න උත්සාහ කරමු.
මමනම් දැන් ඉඳන්ම ඒකට උත්සාහ ගන්නවා.ඔබත් ඒ උත්සාහයට එක් වෙනවාද…?

About these ads
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to විවේචනය හරි ලේසියි! එතකොට ප්‍රශංසාව….

  1. බලමු,,, මමත් එහෙම හිතන්න උත්සාහයක් අරගෙන.

  2. arunishapiro says:

    තමන්ට හෝ අනුන්ට කරදර කරන ක්‍රියාවක් එළිපිට විවේචනය කළ යුතුමයි. විවේචනයට අකැමති නිසා වැරැද්දක් ඉදිරියේ නිහඬ වීමෙන් ඒ වැරද්දට අකමැති කවුරුත් නැතැයි කියා සිතන අය එම වැරැද්දේ තව තවත් නියැළෙන පීඩකයෙක් වෙයි. වැරැද්දක් හදා ගන්න කැමති අය එයින් වාසියක් ගනීවි. අනිත් අය පීඩකයා කවුදැයි හඳුනා ගනීවි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )