බස් සහ අපි

ආයෙත් බස් ගැන කතාවක්..වර්ජනයක් කරන්න හිටියලු.ඒක නතරකලාලු..මේවා ඉතින් ශ්‍රී ලංකාවේ අපිටනම් දැන් සාමාන්‍ය දෙයක් වෙලානෙ.අද මම බස් සහ අපි ගැන කතා කරන්න හිතුවා.බස් හිමිකාරයෝ ගැන කතාකරන එක පසුවට කල් දාලා මුලින්ම බස් මගීන් වන අපි ගැන කතාකරමුකෝ.
දශක ගනනාවක් තිස්සේ බස් වල යන අපිට තාමත් නියමාකාර බස් සංස්කෘතියක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.අපිට තාමත් වැඩි පුරුද්දක් නෑ පෝලිමක පිලිවෙලට ඉදලා.(එහෙම ඉන්නෙ වැටවල් ගහලා වෙන්කරලා තිබ්බොත් විතරයි.නැත්තම් අපි නම් ඉදියි.. ).එන බස් එක මොකක් වුනත් අපි හැමෝටම ඕනි එකේ යන්න.ගමනාන්තයට යන්න වගේම  ලගකට යන්න වුනත් අපි බස් එකට නගින්නේ පොරකාලා.අඩු දුරකට යන්න ඉන්න මගීන්ට හැගීමක් නෑ ඒගොල්ලො නිසා හැමනැවතුමකම නැවැත්තුවාම ගමනාන්තයට යනකොට මිනිත්තු (පැය ) ගනනාවක් පරක්කු වෙනවා කියලා.එගොල්ලො බලන්නෙ දුර බස් එකක ගියම තමන්ට ලැබෙන විනාඩි 5-10 වාසිය ගැන විතරයි.දැන් එතකොට එන ප්‍රශ්නෙ තමා ඇයි එහෙනම් බස් එහෙම නවත්තන්නෙ කියලා.අපි මේ රටේ ව්‍යාපාරිකයෝ ගැන දන්න නිසා ඒ ප්‍රශ්නේ මතුවෙන එකක් නෑනේ.මිනිස්සුන්ට මොලයක් තියෙන නිසා අපිට පුලුවන් වෙන්න ඕනිනේ හරි දේ වැරදි දේ තේරුම් ගන්න.ජීවත් වෙනවට ජීවත්වෙලා කරන්නන් වාලේ කරන දේ කරලා මැරිලා යනවනම් අපියි සත්තුයි අතර වෙනසක් නෑනේ නේද?ඊලග කෙලිය තියෙන්නේ බස් එකෙන් බහිද්දි.හැමෝටම ඕනි පළවෙනියා වෙන්න.දොරෙන් එළියට බහින්න විදිහක් නෑ නගින්න ඉන්න මිනිස්සු දොර වටකරගෙන අඩකවයක් හදාගෙන.බැහැලා යන්න ඕනි ඒ කවය බිදගෙන.ඔයගොල්ලොම හිතලා බලන්න ඔයාලගෙම අත්දැකීම් වලින්ම මේවා ඇත්තද කියලා.
ඔන්න මම දැන් කියන්න යන්නේ මගේම අත්දැකීම්.මාත් උදේ හවස ගොඩක් වෙලාවට යන්නේ මාර්ග අංක 180 නිට්ටඹුව-කොළඹ බස් වලනේ.හවසට තමයි ලොකුම කරදරේ.පිටකොටුවෙදි කොන්දොස්තර නම් කෑගහනවා තමයි “කඩවතින් එහා නගින්න” කියලා.ඒත් හැමදාම වගේ 4-5 දෙනෙක් වත් ඉන්නවා කැළණියෙන්,කිරිබත්ගොඩින් බහින්න.අපරාදේ කියන්න බෑ බස් එකත් කඩවතට එනකම් හැම නැවතුමකම වගේ නවත්තනවා මිනිස්සු නග්ගගන්න.(ඇයි ඉතින් හැම බස් එකේම හිතේ ඒක තමයි අන්තිම බස් එක කියලනේ.)මග දිගට ගොඩක් නගින්නෙත් ලගට ලගට යන මගීන්ම තමයි.දුරට යන මගීන්ට ගොඩක් වෙලාවට මේ බස් වලට නගින්න ඉඩක් නෑ ලගට යන කට්ටිය ඔක්කොම කලින් නැගලා බස් එක පිරිලනේ.(නිට්ටඹුවට යන මනුස්සයා පැය 2 1/2ක්  තිස්සේ ගියත් මොකද කඩවතට යන මනුස්සයා විනාඩි 10ක් කලින් ගියාම මදෑ නේද?)කඩවතින් පස්සෙත් හැම නැවතුමකම නවත්තනවා නග්ග ගත්ත මිනිස්සු බස්සන්න.මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ තරම් කොටුව-කඩවත/කිරිල්ලවල (138-138/1) බස් තියෙද්දි මේ ඔක්කොම 180 බස් වලම නැගලා කිරිල්ලවලින් එහාට යන්න ඉන්න මගීන්ව පාරේ රස්තියාදු කරවන්නේ කියලා?.බස් ව්‍යාපාරිකයෝ සහ දේශපාලකහොරු මේවා කවදාවත් තේරුම් අරන් පිලියම් නොයොදනවා කියලා දන්න නිසා අපි අපිම මේවා තේරුම් අරන් හැදෙමු නේද?අපි යනදුරට ගැලපෙන බස් එකක් තෝරගෙන අපි යනවනම් බස් ව්‍යාපාරිකයොත් ඉබේම එකට හැඩගැහේවි නේද?අපි හිතනවට වඩා ශක්තියක් අපි තුල තියෙනවා ඒත් අපි තාම ඒක හදුනගෙන නෑ.අපි හරිම යාන්ත්‍රික වෙලා නිසා අපිට අපි ගැනවත් හොයන්න මතක නැතිවෙලා.

සටහන්:නිට්ටඹුවට කොළඹ සිට ඇත්තේ කිලෝමීටර 40ක් පමණි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

4 Responses to බස් සහ අපි

  1. Shadow/හේමලයා පවසයි:

    ඇත්තටම බැලුවොත් අපේ ජීවිතෙන් බාගයකටත් වඩා ගෙවෙන්නේ බස් වලයි මහ පාරෙයි නේ……කොයිතරම් නම් අපරාදයක්ද?

  2. මුදිත පවසයි:

    වෙළඳපොල ආර්ථිකය හරි හැටියට ක්‍රියාත්මක වෙනවානම් නරක භාන්ඩයක් හෝ සේවාවක් සපයන වෙළඳුන් පාරිභෝගිකයින් විසින් ප්‍රතික්ශේපකල යුතුයි. මම හිතන්නේ ඔබගේ මෙම ලිපිය මූලික වෙලා තිබෙන්නේ එම අකාල්පය මතයි. නමුත් වෙළෙන්දාගේ පැත්තෙන් මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නැති විටෙක පාරිභූගිකයින් අතරමං වීමක් මම මෙහිදී දකිනවා. වෙළඳපොල ආර්ථිකයට අනුව වෙළඳුන් අතර තරඟයක් තිබිය යුතුයි. නරක වෙළඳුන් ප්‍රතික්ශේපකරන විට පාරිභෝගිකයින් හට ඒ වෙනුයෙන් ආදේශණය කිරීමට හොඳ වෙළඳුන් සිටිය යුතුයි. මෙම තරඟකාරිත්වය නැතිකිරීම සඳහා බස් රථ වෙළඳුන් සංගමයක් පිහි‍ටුවාගෙන නීතී මාලවක් සකස් කර තිබෙනවා. එයට අමතරව හොඳ දේ සපයන අලුත් කෙනෙකුට වෙළඳපලට ඇතුලුවීම වැලැක්වීමට ශාරීරික තර්ජනයන් කිරීමටද පැකිලෙන්නේ නැහැ. එහෙමනම් පාරිභෝකයාට විකල්පයක් තිබෙන්වාද ‍තෝරාගැනීමට? අපිරිසිඳු ඇදුම් අදින කොන්දොස්තරලා කී දෙනේ ඔවුන්ගේ පස්ස ගමන් ගන්නා මිනිසුන්ගේ උරහිසට තබනවාද? බස් රථ වල පිරිසිඳු භාවය කොහොමද (ඩෙංගු වගේ නොවේ මිනිසුගේ ස්පර්ශයෙන් බෝවෙන වසංගතයක් වැරදිලාවත් ලංකාවට ආවොත්, මොකක්වෙයිද කියලා හිතාගන්නත් අමාරුයි)? එහි සමහර විටෙක් මිනිසුන්හට කථාකරන විධි, වැයෙන් සංගීතය කොහොමද?

    මේ සියල්ලට අමතරව කෙටි ධාවන බස් රථ මගීන් එනතුරු කොයි තරම නවත්වාගෙන සිටිනවාද? සමහරවිට දුර ධාවන බසය නිට්ටඹුවට යන වෙලාවම කෙටි ධාවන රථය කිරිබත්ගොඩට යන්න ගන්නවා වගේ තමයි මිනිස්සුන්ට දැනෙනේ.

    • sameeramls පවසයි:

      මම දකින විදිහට ඔතන දෙපැත්තෙම වැරදි තියෙනවා.මොකද කෙටි ධාවන බස්වලට මගීන් අඩු එකත් එක හේතුවක් එවා වැඩි වෙලාවක් නවත්තන් ඉන්නත්.බස් වල නම් වැරදි අප්‍රමානයි තම ඔබ කිව්ව විදිහටම.ඒත් ඒවාට විරුද්ධ වෙන්න කලින් අපි අපේ අඩුපාඩුත් හදා ගත්තොත් හොදයි නේද.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )