තාරුණ්‍යය සහ දෙමව්පියෝ..

අපි ඉපදින්නත් කලින් ඉදන්ම ගොඩාක් ආදරයෙන්,සෙනෙහසින් අපිව රැකබලාගෙන අපේ දෙමව්පියෝ අපිව ඇතිදැඩි කරපුනිසා ඔන්න දැන් අපි තරුණ වයසටත් ආවා කියමුකෝ.ඔන්න ඉතින් ඒ ගැන කතා ගොඩයි.අපි රටේ ශක්තියලු,ජීවයලු,වගකීම් ගන්න ඕනි කාලේලු,වෙන්න ඕනි යුතුකම් මහ ගොඩක් තියෙනවලු,හැගීමට වඩා බුද්ධියට මුල් තැන දෙන්නලු..අපොයි තියෙන වැඩ ගොඩ නේද?
හරි ඉතින් ඔය මොන දේ කරන්නත් කලින් අපි අපේ අනාගතේගැන හිතන්න ඕනිනේ නේද?ඔන්න තම තමන්ගේ සුදුසුකම් අනුව රැකියාවකුත් හොයාගත්තා කියමුකෝ.ඊළගට අනිවාර්යයෙන්ම හොද ජංගම දුරකථනයක් ගන්නත් ඕනිනේ.ඊළගට තමන්ගේ අනාගත සහකාරිය ගැන හොයලා බලන්නත් ඕනිනේ.ඊට පස්සේ ගමන් යන්න බයික් කට්ටක්වත් ගන්න එපෑයැ නේද?ඊට පස්සේ වැඩ ගොඩයි සාප්පු සවාරි යන්නයි,විනෝද චාරිකා යන්නයි..ඒවා කරන්න ඕනි දේවල් අනිවාර්යයෙන්ම.මොකද මේ කාලේ නැත්තම් ඒවා කොයි කාලේ කරන්නද?ඒත් අපි පොඩ්ඩක් හිතලා බලමුද මේ දේවල් ඔක්කොම කරන්නේ අපි අපේ යුතුකම් වල පලවෙනි අදියර විදිහට නේද?ඒ කියන්නේ තමන්ට තමන්ගෙන් වෙන්න ඕනි යුතුකම් විදිහටනේ.(තමන්ට හරි සැලකීමක් නැති මිනිහෙක් අනුන්ට සලකන්නෙ කොහොමද?)මේවා කරන එක ගොඩාක් හොදයි.ඒත් අපි එතනින් නතර වෙනවා අපිටත් නොදැනිම..අපිට ඊළගට වැදගත්ම අපේ දෙමව්පියන්ව අපි නොදැනුවත්වම අපේ ජීවිතයෙන් ඈත් කරවනවා.අපිට දෙමව්පියො එක්ක කතාකරන්නවත් වෙලාවක් නෑ.අපි රැකියවට ගිහින් අපහු එනකම් මග බලාගෙන ඉන්න දෙමව්පියන්ට අපි සලකන්නේ කොහොමද?පරක්කුවෙලා ආවොත් ඉක්මනට කාලා ඇදට යයි (නිදාගැනීමට හෝ දුරකතන සංවාදයට.)කලින් ආවොත් කාමරේට වෙලා ෆිල්ම් එකක් බලයි නැත්තම් ගේම් එකක් ගහයි නේද?සාමාන්‍යයෙන් වෙන්නෙ ඒකනේ.ඒ වෙනුවට ඇයි අපිට බැරි අම්මා,තාත්තා එක්ක ටික වෙලාවක් දවසේ ආගිය තොරතුරු කතා කරලා ටික වෙලාවක් හරි ඒ අයගේ පාලුව නැතිකරවන්න.ඒක තමයි ඒ අය ගොඩාක්ම බලාපොරොත්තු වෙන්නෙ.තමන්ගේ දරුවාගේ රැකියාවේ තොරතුරු දැනගන්න ඕනිම දෙමව්පියෙක් කැමතියි.ඒ දේවල් වලට ඒ අයත් තමන්ගේ රසවත් අත්දැකීම් එකතු කරාවි අනිවාර්යයෙන්ම.මේ දේවල් ගොඩාක් වටිනවා මාසෙ පඩියෙන් ගෙනත් දෙන තෑග්ගකට වඩා.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

5 Responses to තාරුණ්‍යය සහ දෙමව්පියෝ..

  1. කසුන් පවසයි:

    මගෙ අතින් වෙන ලොකු වෙරද්දක් තමා ඔයා මෙ කියල තියෙන්නේ. බොහොම ස්තුති මතක් කලාට..

  2. palaamalla පවසයි:

    හ්ම්ම්… සහතික ඇත්ත… අපි නොදැනීම ඒ හිත් රිදවනවා…. වටිනා ලිපියක්. වටිනා අදහසක්

  3. ඇත්ත‍ටම ඔබ හරි දෙමාපියන් ගැන වර්තමාන දරුවන් තුල හරි අවබෝධයක් නැහැ

  4. SAMANTHA SENARATNE පවසයි:

    සහතික ඇත්ත – සමන්ත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )