ළමා කාලය අහිමි වත්මන් දරු පරපුර…

අද අපි පොඩ්ඩක් අතීතයට යමු.වැඩි කාලයකට නෙමෙයි.දැනට අවුරුදු 20-30ක් විතර.මම මේ කියන්න හදන්නේ මගේ ළමා කාලය ගෙවුනු දවස් ගැන.අපි පොඩ්ඩක් අපේ ළමා කාලයේ සුන්දර අත්දැකීම් මතක් කරගමුද?මම ජීවත්වෙන්නේ අර්ධනාගරික ග්‍රාමීය පෙදෙසක නිසා මේ අත්දැකීම් ලැබෙන්නෙත් ඒ පරිසරය තුලමයි.(හැබැයි දැන් තරම් නම් නාගරික නෑ.)
අපි පොඩිකාලේ පාසල් ගියේ ගම මැදින් වැටිලා තියෙන පාරෙන් පයින්.එහෙම ගිහින් වතු උඩින් ගිහින්,වෙල් මැද්දෙන් ගිහින් කෙටි පාරෙන් තමයි පාසලට යන්නෙ.අපේ ගමේ කෙලවර තිබ්බේ ආණ්ඩුවට අයිති හිස් ඉඩමක්.එකේ දම්,එරමිනියා පදුරු පිරිලා.උදේ යනකොට මතක තියන් යන පදුරු ගාවට හවස එන්නේ දුවගෙන.ඒ වගේම තමයි අපි බයිසිකල් පැද්දෙත්,සරුංගල් ඇරියෙත්,ක්‍රිකට් ගැහුවෙත් ඒ ඉඩමෙම එක පැත්තක.වේගයෙන් සයිකලේ පැදගෙන ගිහින් මඩ වලක් මැද්දෙන් යනකොට කොහොමද දැනුන සනීපය නේද?(හැබයි පැඩල් එකෙන් කකුල් උඩට අරන් ) ඒවා කරපු අය දන්නවා ඇතිනේ රෝදෙන් පාර උඩට මඩ විසිවෙද්දි දැනුන සතුට..අහල පහල ළමයි එක්ක එකතුවෙලා පාරේ ඉදගෙන “කොපර කොපර පිපිඤ්ඤා” කරපු හැටි..තාච්චි පැනපු හැටි..වැටිලා තුවාල වුනාම කුරුම්බැට්ටියක් තලලා අපිම ගාගත්ත හැටි..අපිම කඩපු අඹවලින් අච්චාරු දාලා කාපු හැටි.(අච්චාරුවේ අන්තිමට ඉතුරුවෙන මිරිස් දියරය කැන්ද කොලෙන් කෙලින්ම උගුරට හලාගනිද්දි උගුරට දැනුනු හීතල කොහොමද?) අම්මා උයන්න පොල් බිදිනකම් බලන් හිටිය හැටි පොල් වතුර බොන්න.වට්ටක්කා ඇටේ පලලා මදය කාපු හැටි..මේවයෙ සුන්දරත්වය තාමත් මතකයි නේද?
දැන් අපි වර්තමානයට එමු.දැන් ළමයින්ට මේවා කරන්න වෙලාවකුත් නෑ,දන්නෙත් නෑ වගේම අවස්ථාවකුත් නෑ නේද?දැන් හැම තැනම පාරවල් කොන්ක්‍රීට් හරි තාර හරි දාලා නිසා මඩ වලේ ප්‍රීතිය නම් ගන්න අවස්තාවක් නෑ.(වැස්ස දවසට තාර පාරෙ වලවල් වල වතුර පිරෙන එක වෙනම කතාවක්). පාරෙ සෙල්ලම් කරන්නෙ කොහෙද යන එන වාහන තොගේ එක්ක.සෙල්ලම් කරන්න තැනක් නෑ හැම තැනම ගොඩනැගිලි.(මම මුලින් කීව හිස් ඉඩමෙත් දැන් තියෙන්නෙ නිවාස සංකීර්නයක්).ඒ මදිවට රෑ වෙනකම් ටියුෂන්.(අපි වැඩ ඇරිලා ගෙදර යනකොටත් පොඩි ළමයි පන්ති වල ).අපි ඉස්සර ආසාවෙන් ටීවී බැලුවේ කාටූන් විතරනේ.(ටෙලිනාටක යන වෙලාව වෙද්දි අපිට නින්ද ගිහින්).දැන් ඉන්න පොඩි එවුන් වෙලාව හදාගෙන ඉන්නෙ කිසිකමකට නැති ටෙලිනාටක බලන්නමයි.අපිමයි නේද මේවා පුරුදු කරවන්නේ?ඊලගට අපිමයි නේද බනින්නෙත් මුන් පැහිලා වැඩියි කියලා.ඇයි අපිට බැරි පොඩි එවුන් ඉන්න ගෙවල් වල ටීවී නොදා ඉන්න?වීඩියෝ ගේම් වලට පුරුදු කරන වෙලාවේ පොතක් බලන්න පුරුදු කරවන්න?ළමයින්ගේ පාසලේ විස්තර අහලා බලන්න?පොඩිවුන් එක්ක එකතුවෙලා ගෘහස්ත ක්‍රීඩාවක යෙදෙන්න? (පංච/දාම්/කැරම්) ඇයි අපි ගතකරපු සුන්දර ළමාවියෙන් කොටසක්වත් අපේ අනාගත පරපුරට දෙන්නෙ නැත්තේ?අපි අවුරුද්දක් ගියපු පෙරපාසල් වලට ළමයින්ව අවුරුදු 2ක් එක්ක යන්නෙත් අපිම නේද?ශිෂ්‍ය්ත්වෙට 5 වසරේ ඉදන් පන්ති ගිය අපිම නේද ළමයින්ව 2 වසරේ ඉදන් පන්ති එක්ක යන්නේ?දුවන්නන් වාලේ දුවන සමාජයක අපි අපේ ළමයින්වත් යාන්ත්‍රික කරවනවා නේද?පොඩිම කාලෙදි පණ්ඩිත කතාකියද්දි අපි හිනාවුනාට ටිකක් ලොකු වේගෙන එද්දි වයසට වඩා වැඩ කරද්දි දුක් වෙන්න වෙන්නෙත් අපිටමයි නේද?
එන්න අපි ජීවිතේ විදිමු..අන් අයටත් කියාදෙමු…

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to ළමා කාලය අහිමි වත්මන් දරු පරපුර…

  1. Shadow/හේමලයා පවසයි:

    ඇත්ත….අද ළමයිට ඒ නිදහස නෑ….නමුත් ඒක සිව්භාවික නැත්ද?…ලෝකය වෙනස් වෙනවා…මීට අවුරුදු 100ට කලින් හිටි ළමයින්ට තිබිච්චි ළමා කාලයමද අපිට තිබුනේ….අපි ඒකාලේ දැනගන්න තියා හිතන්නේ වත් නැති කොයිතරම් නම් දේවල් අද ළමයි දන්නවාද….වෙනස් නොවන එකම දෙය වෙනස් වීමයි…අප කැමති වුනත් නැතත් එය සිදුවෙනවා මයි…..අනාගත්යේදි ඕවා තවත් වෙනස් වේවි…ඔය ළමුන්ම වැඩිවියට පත් වුනාම අද අපි කියන ඔය දේම කියාවි…ඔවුන්ගේ ළමා වියට සාපේක්ෂව…..:D

    • sameeramls පවසයි:

      ලෝකය වෙනස් වෙන එක අපිට නවත්තන්න බැරි බව ඇත්ත.ඒත් අද ළමයි දැන ගන්න ඕනි තරමටත් වඩා දැනුම සොයාගෙන ගිහින් යාන්ත්‍රික වෙන ළකුණුයි පහල වෙලා තියෙන්නේ.මම ඒකයි කිව්වේ අපේ ළමාකාලයෙන් කොටසක්වත් ගතකරන්න ඒ අයටත් අවස්ථාවක් දෙමු කියලා.

      • wettamuni පවසයි:

        සම්පූර්ණ ඇත්ත….ඒ ළමා කාලය ගත නොකරපු ළමයින්ගෙ අධ්‍යාත්මක සංවර්ධනය හුඟක් බාලයි නේද? මේ කාලේ ළමයි දකින කොට දුකයි නේද? අපේ ළමා කාලෙත් එක්ක සැසඳුවම….මම හිතන විදියට දැනුම කියන්නෙ ජීවිතෙ කොටසක් විතරයි…අර සින්දුවකුත් තියෙන්නෙ..” විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නෙද මුළු භවය පුරා……..”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )