Allrounders

මාතෘකාව දැක්කම ක්‍රිකට් මතක් වුනාට මේ කතා කරන්නේ ඒ ගැනනම් නෙමෙයි.මම කතාකරන්නේ දැන් සමාජයේ ඉන්න allrounders ගැන.ඒ කියන්නේ නිතර දෙවේලේ අපේ ගෙවල් වලට ගොඩවදින කට්ටියක් ගැන.ඒ ගොල්ලො එන්නෙ නම් ඔය හැම ගෙදරකම තියෙන කාලකන්නි පෙට්ටිය හෙවත් රූපවාහිනියෙන් තමයි.මම මේ කතා කරන්න යන්නෙ රූපවාහිනි නාලිකාවල අලුත්ම විලාසිතාව වෙලාතියෙන ජනප්‍රිය චරිත නිවේදකයින්,ගායකයින් කිරීමේ උත්සාහය ගැන.
ඇත්තටම තමන්ට විවිධ හැකියාවන් තියෙන එක ගොඩාක් හොදයි.ඒවායින් ප්‍රයෝජන ගන්න එකත් හොදයි.හැබැයි දැන් වැඩේ වෙලා තියෙන්නේ මේකෙන් වැඩිපුර තියෙන්නෙ අහිතකර පැත්තක් කියලයි මට හිතෙන්නෙ.හුගක් නාලිකා හදන්නේ ඒ චරිතයේ ජනප්‍රියත්වයෙන් ඒ වැඩසටහන ජනප්‍රිය කරගන්න.ඒකෙන් වෙන්නෙ වැඩසටහනේ ගුණාත්මකත්වය පිරිහී යාම.වැඩසටහනට පැමිනෙන ආරාධතයින්ට නිසි ගෞරවයක් දෙන්නෙ නෑ.ගොඩාක් වෙලාවට කතා කරන්නේ නම කියලා විතරයි.(ඇයි ඉතින් වැඩසටහන මෙහෙයවන්නෙත් එන අයව හොදටම අදුරන අයෙක් නේ.) ගොඩාක් අය ඔහේ කරගෙන යනවා මිසක් (අනුකරනය කරමින්) විශේෂ හැකියාවක් නෑ.මෝස්තර නිරූපිකාවෝ නිවේදිකාවෝ විදිහට අරන් ඉන්නෙ ඇදුම් මෝස්තර පෙන්නන්නයි,ශරීරය නිරාවරනය කරන්නයි විතරයි වගේ.(ඒක ආදර්ශෙට අරගෙන වෘත්තීයම නිවේදිකවෝ සමහරකුත් ඒ විදිහට ඇදුම් අදින එක වෙනම කතාවක්.ඒ තමන්ගේ රැකියාව ආරක්ෂා කරගන්න කියලා හිතමුකෝ).ටෙලිබලි බලලා අප්පිරිය වෙලා වෙන වැඩසටහකට මාරුවෙද්දිත් ඒ ඒකාකාරී මූනුම බලන්නනේ අපිට වෙලා තියෙන්නේ.ඇයි මේ නිවේදක වෘත්තිය මේ තරම් බාල්දු කරලා තියෙන්නේ?හැකියාවක් තියෙන තරුණයෙකුට,තරුණියකට මේවයේ තැනක් නැද්ද?එක ක්ෂේත්‍රයකින් ජනප්‍රිය වුන පලියට මෙහෙම හැම එකේම එල්ලිලා ඉන්න ගත්තාම අන් අයට අසාධාරණයක් වෙනවා කියලා මේ චරිත වලට තේරෙන්නෙ නැද්ද?තමන්ගේ නැතිවේගෙන යන ජනප්‍රියත්වය ආරක්ෂා කරගැනීමේ එක පියවරක් තමයි මෙහෙම වැඩසටහන් වලට සම්බන්ධ වෙන එක කියලා මේ චරිතත් දන්නවා හොදටම.වෘත්තීමය නිවේදකයින්ගේ හෙට දවස මොකක්ද?නිවේදක පාඨමාලා හදාරලා ඉන්න අපේ තරුණ පරපුර නිවේදන වෘත්තියට එන්න කලින් රගපාලා හරි මොඩ්ලින් කරලා හරි ඉන්න ඕනිද?අහෝ රූපවාහිනියටත් ගිය කලක්..
මුන්ගේ හිතේ ගෙදරට නිකම්ම ගොඩවැදිලා මුන් කරන මේ කෝලම් අපි බලාගෙන ඉන්න ඕනි කියලයි.අනේ අපිනම් බලයි ඔය නරිනාටක……..

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to Allrounders

  1. Shadow/හේමලයා පවසයි:

    ඇත්ත කතාව….නමුත් වැඩේ කියන්නේ ඉල්ලුමක් ඇති නිසා නෙව සැපයුමක් තියෙන්නේ…..අනික ජනප්‍රිය දේ කියන්නේ බොහෝවිට හොඳ දේම නෙවෙයි නේ….පත්තරයක් අරන් බලන්න…මිනිස්සුන්ට මොකටද නළු නිලියො කනබොන දෑ…විනෝදෙට කොරන දෑ…නමුත් ඒවාටත් කැමති ඔටසක් ඉන්නවා නෙව….මාධ‍ය ආයතන වල මූලික අරමුණ ලාබ ලැබීම…ඉතින් ඔවුන්ගේ පැත්තෙන් ඒක සාධාරණයි….අපිට තියෙන්නේ අපේ කැමැත්ත අනුව කටයුතු කිරීමයි…..මේ මම හිතන විදිහ…ජය…:D

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )