බොරුවේ සත්‍යය

සත්‍යයෙයි බොරුවෙයි සහසම්බන්ධයක් තියෙන්න පුලුවන්ද?මේ දෙක එකිනෙකට පරස්පරයි නේද?ඒත් මේ දෙකේ සමහරවෙලාවට අපි නොහිතන ආකාරයේ සම්භන්ධයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.සමහර අවස්ථා තියෙනවා නේද අපි කියන දේවල් සම්පූර්න සත්‍යයත් නෙවෙයි බොරුවකුත් නෙමෙයි වෙන.ගොඩාක් වෙලාවට ඕක වෙන්නේ ඇත්ත කිව්වට තේරුම් ගන්න බැරි වෙන අවස්ථාවල.තමන්ගේම අයට නම් ඕනිම දෙයක් පැහැදිලි කරලා දෙන්න පුලුවන් නිසා මේක ගොඩාක් අදාල වෙන්නෙ හිතමිත්‍රයින්ට.
දැන් මම මටම අදාල වුන උදාහරණයක් කියන්නම්කෝ.ඒක වුනේ මගේ සා/පෙ ප්‍රතිඵල ආවාම.(දැනට සෑහෙන කාලෙකට කලින්). අපේ අවුරුද්දේ විෂයයන් 10ක් තිබ්බනේ.ඒකෙන් 9කටම විශිෂ්ට ප්‍රතිඵල තිබ්බත් සෞන්දර්යට තිබ්බේ යන්තම් සාමාර්තයක් විතරයි.ඉතින් ඔන්න ප්‍රතිඵල අහපු දෙතුන් දෙනෙකුටම නියමම ප්‍රතිඵල කිව්වහම කියපි “අයියෝ ඇයි එකකට විතරක් අඩු?”කියලා.මේ වැඩේ හරියන්නෙ නැතිනිසා ඊට පස්සෙ අහපු හැමෝටම කිව්වේ 9යි 1යි කියලා.(කැමති ක්‍රමේකට තේරුම් ගන්නෙ නැතැයි ඒක ).මම කිව්වේ බොරුවක්ම නෙමෙයිනෙ නේද?මිනිස්සු තමන්ට සතුටු හිතෙන විදිහකට ඒක බාරගෙන හිතවත් සතුටු කරගන්නෙ නැතැයි.අනිත් අය සතුටු කරන එකත් අපේ යුතුකමක්නේ නේද?
තව දෙයක් මතක් වුනා.මගේ රැකියාවේ ස්වභාවය අනුව මට රෑ වැඩත් යෙදිලා තියෙනවා වගේම සතියෙ දවස්වල නිවාඩුත් යෙදෙනවා.ඒත් හුගක් අය තාමත් හිතන් ඉන්නෙ රෑ වැඩ කරන්නෙ මුරකාර රස්සාවල විතරක් කියලා නිසා සමහරවෙලාවට හරි අමාරුයි මේක තේරුම්කරවන්න.ඉතින් ඒවෙලාවට කවුරු හරි ඇහුවොත් “අද නිවාඩුද?” කියලා “ඔව්”කියලා ලේසියෙන් බේරෙන්න පුලුවන්.
මම මේ කියන්න හදන්නේ මේ සමාජයේ බොරුව හැමතැනම රජ කරන නිසා සම්පූර්න ඇත්තක් කියනකොට හිතන්නේ ඒකත් බොරුවක් කියලයි.තමන්ගේ තත්වය ආරක්ෂාකරගන්න මේ වගේ දේවල් කියන්න වෙනවා නේද?
අනිත් මිනිස්සු නිසාත් බලන්න අපිට පව් පිරෙන හැටි…

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

5 Responses to බොරුවේ සත්‍යය

  1. Shadow/හේමලයා පවසයි:

    කතාව ඇත්ත….නමුත් මෙතන වැරැද්දත් අපේම නේද?…මොකද අපිට යම් යම් දේවල් එලිකරන එක ලැජ්ජාවක් කියලා හිතන හින්ද හරි,අපිට අවාසියක් කියලා හිතනා හිඳා හරි නේද එහෙම වෙන්නේ…නමුත් සමාජයේ ජීවත් වෙනකොට අපිට මේ දේ නොකර බෑ……

  2. Sagara පවසයි:

    අනිත් අය හිතන,කියන දෙවල් ගෑන කරදර වෙන්න ගියොත් අපිට කරන්න දෙයක් නෑති වෙනව….

    “Those who want to please everybody succeed in pleasing Nobody”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )