අපි කොච්චර වටිනවද?

“නැතත් අතේ සතේ.. අම්මා කියයි පුතේ”
මම හිතන්නේ ඔය ගොඩාක් අය මේ පද පේළිය කොහෙදි හරි දැකලා,අහලා ඇති.පද පේළිය පොඩි වුනාට මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවා නේද?අපිට මෙතනට අම්මයි,තාත්තයි දෙන්නවමවගේම අපේ සහෝදර සහෝදරයින්,බිරිද/සැමියා,දූදරුවන් ආදේශ කරන්න පුලුවන්.ඇත්තටම මේකෙන් කියවෙන්නෙ මොකක්ද?අපිව අපි හැටියටම වටින්නේ අපේම අයට විතරයි නේද?සමාජය ඉස්සරහා අපි කොයි තත්වයක හිටියත් අපේ දෙමව්පියන්ට අපි තාමත් ඒගොලන්ගේ අතේ හුරතල් වුන පොඩි දරුවො විදිහටයි දැනෙන්නේ.අපේ සහෝදරයින්ට දැනෙන්නේ එකට සෙල්ලම් කරපු සහෝදරය විදිහට.බිරිදට දැනෙන්නේ තමන්ගේ මුලු ලෝකයම විදිහට.ළමයින්ට තමන් දන්න හොදම වීරයා විදිහට..

උනහපුලුවටත් උගේ දරුවා මැනිකක් කියලා කියන්නෙත් ඒනිසාම තමයි.සමාජයේදි අපේ වටිනාකම් රදාපවතින්නේ එක එක්කෙනාගේ මිනුම් දඩු අනුවනේ.රාජකාරියට යන්න සූදානම් වෙලා බස් එකකට නැග්ගහම කොන්දොස්තර කතාකරන්නේ “මහත්තයා”කියලා.ඒත් අපි සාමාන්‍ය ඇදුමින් ඒ බස් එකටම නැග්ගොත් කියයි “අය්යේ/මල්ලි” කියලා.මේක ගොඩාක් තැන් වලට පොදුයි.පන්සලකට ගියත් දැන් ගොඩක් වෙලාවට එහෙමනේ.ඇදුමේ,එන වාහනේ ස්වබාවය අනුව තමයි හැදින්වීම.ඒක “මහත්තයා” වෙන්නත් පුලුවන් “උපාසක උන්නැහේ” වෙන්නත් පුලුවන් ඇදන් ඉන්නේ කලිසමක්ද සරමක්ද කියන එක මත.මිනිස්සු ගොඩාක් වෙලාවට තව මිනිහෙක්ව මනින්නේ බාහිර ස්වරූපය මත.එකේ වැරැද්දක් කියන්නත් බෑ මොකද මුලින්ම පේන්නෙ ගත මිසක් හිත නෙමෙයිනේ.

ඒත් අපේ නියම වටිනාකම ඔය කවුරුවත් දන්නෙ නෑනේ අපේම අය මිසක්.අපි අන්න ඒදේ හොදට තේරුම් ගන්න ඕනි.අපිව වැඩියෙන්ම වටින්නේ අපේ පවුලේ අයට මිසක් පිට අයට නෙවෙයි කියලා.අපි නැතිවුනත් කාර්යලය ඒ විදිහටම පවතීවි.ඉර පායාවි.බැසයාවි.කාර්යාල සගයො එයි,වැඩ කරයි යයි..ඒක තමා යතාර්ථය.ඒත් අපිව ගොඩාක් වටින අපේම අයට අපි ඈත්වුනොත් ඒක දරාගන්න බැරිවෙයි.ඒ මොකද ඒගොල්ලො අපේ නියම වටිනාකම දන්න නිසා.ඒනිසා ඒ අය වෙනුවෙන් කාලය වෙන්කරගන්න.ඒ අයගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපවෙන්න.අවශ්‍ය වුනොත් නිවාඩුවක් දාන්න වුනත් පැකිලෙන්න එපා.නිවාඩු දීමනාවෙන් ලැබෙන සතුටට වඩා සතුටක් ඒකෙන් අපිට ලබන්න පුලුවන් අනිවාර්යයෙන්ම.

ඉතින් අපි විදිමු ජීවිතය….

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to අපි කොච්චර වටිනවද?

  1. Sagara පවසයි:

    very good idea in it………….apply leave on behalf of family ones’
    keep on writing…….

    (leave unit eken ganak hambaune nedda?)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )