ඇබ්බැහිවීම ඇත්තටම හොඳද?නරකද?මේකේ දෙපැත්තක් තියෙනවද?ඇබ්බැහි වෙන්නෙ නරක දේවලට විතරද?මම හිතුවා අද මේ ගැන ටිකක් කතාකරන්න ඕනි කියලා.
මම නම් හිතන්නේ ඇබ්බැහි වීම කොහොමටවත් හොඳ දෙයක් නෙවෙයි කියලයි.දැන් සමාජයේ එක එක අය නොයෙක් දේවලට ඇබ්බැහි වෙලා ඉන්නවා.සමහරු “FaceBook” එකට..සමහරු “Youtube”..සමහරු “e-mail”,”chat”,”miniclip”,”blogs”..මේවා අදාල වෙන්නෙ අන්තර්ජාලයේ සැරිසරන අයට.තව කොට්ටාසයක් ඉන්නවා ෆිල්ම්ස්,වීඩියෝ ගේම්ස් වලට,ටෙලිනාටක වලට,ප්රවෘත්ති,පත්තර,පොත්,ක්රීඩා…ඔය වගේ එක එක්කෙනා විවිධ දේ වලට ඇබ්බැහි වෙලා ඉන්නවා.(මම මේ කතා කලේ හොඳ දේවල් ගැන විතරයි.)මම හිතන්නේ ඇබ්බැහි වීම කියන්නේ තමන්ගේ අනිත් වැඩකටයුතු සේරම අමතක කරලා එක් දෙයක් කෙරෙහි පමණක් මුලු අවදානයම වගේම කාලයෙන් සෑහෙන කොටසකුත් යෙදවීම කියලයි.එතකොට අපෙන් වෙන්න ඕනි ගොඩාක් යුතුකම් පැහැර හැරෙනවා.ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනිම නෑ කියනවනේ.
ඒනිසා අපි මොනතරම් ආසා කරන දෙයක් වුනත් යම්කිසි සීමාවකට යටත්ව කරන්න අපි පුරුදු වෙන්න ඕනි.නැත්තම් අපේ ජීවිතය සමබර වෙන්නෙ නෑ නේද?මේ කෙටි ජීවිතය උපරිමයෙන් විදින්න අපිම අපේ කාලය හදාගමු.
සටහන්:නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඒකේ කාලය කලමණාකරනය කරන්න නෙවෙයි අත්හැරලම දාන්න අපි උත්සාහ ගන්න ඕනි.
මම නම් කියන්නේ අපි කොහොමටත් ලෞකිකතවට ඇබ්බැහි වෙලා ඉවරයි….ඒක ඇතුලේ අපි මොකක් හරි දේකට අනිවාර්යයෙන් ඇබ්බැහි වෙනවා….සමහරු තම්න්ගේ රාජකාරියට ඇබ්බැහි වෙනවා…නමුත් බොහෝ විට සමාජය එහි දොස් දකින්නේ නෑ…..නමුත් සමබර ජීවිතය කියන්නේ ලෞකික ජීවිතය තුල මායවක් විතරයි…අපි මොකක් හරි දෙයක් එක්ක අනිවාර්යයෙන්ම බැඳී ඇත්තෙමු….. 😦
මායාවන් මවා ගන්නෙත් ඒවා බිද දමන්නෙත් මිනිසාමයිනෙ නේද?තමන් තමන්ව පාලනය කරගැනීමේ හැකියාව මත තමයි ජීවිතේ වෙනස් වෙන්නෙත්.