සිහින

අපි සිහින මවනවද?අපිට සිහින පේනවද?ඇත්තටම බැලුවහම මේ දෙකම නේද?ඕනිම පුද්ගලයෙක් තමන්ගේ ජීවිතේදි මේ දෙකම අත්විදිනවනේ.හැබැයි අපි දැනගන්න ඕනි මේ දෙකෙන්ම ලැබෙන ප්‍රතිඵල පාලනය කරගන්න.
ඉස්සෙල්ලම අපි පෙනෙන හීන ගැන කතාකරමුකෝ.ගොඩාක් වෙලාවට මේවයින් පේන්නෙ එකිනෙකාට කිසිම සම්භන්ධයක් නැති පුද්ගලයින් හා සිදුවීම්.කවදාවත් සිදුවිය නොහැකි අභව්‍ය සිදුවීම්.ඒත් තාමත් අපි කීදෙනෙක් මේ හීන නිසා හිත කරදර කරගන්නවද?සමාජයේ මුල් බැසගත් මිථ්‍යා මතත් මේකට බලපානවා.ඇයි සුබ/ අසුබ කියලා මේවා වර්ග කරනවනේ.ඊට අමතරව අපිම මේවා අපේ ජීවිතයට අදාල කරගෙන දුක් විදිනවනේ සමහරවෙලාවට.අපි එකදෙයක් හොදට තේරුම් ගන්න ඕනි.සිහින පේන එක අපිට නවත්තන්න බෑ වගෙම ඒවාට අපේ ජීවිතේට බලපෑමක් කරන්නත් බෑ අපි ඒවා කර ගහ ගත්තේ නැත්තම්.

ඊළඟට අපි මවන හීන ගැන කතාකරමු.හීන මවන එක ගොඩාක් හොඳයි.ජීවිතේකට අරමුණක් ලැබෙන්නේ හීන මැව්වහම.ඒවගේම ඒ හීන හැබෑ කරගත්තහම කොච්චර නම් සතුටුද..හැබැයි අපි හීන මවද්දි කල්පනාකාරී වෙන්න ඕනි ටිකක්.නැත්තම් ඒ හීන බිඳ වැටුනාම දුක් වෙන්නෙත් අපිමයි.අපි හීන මවන්න ඕනි “ලැබුනොත්” කියන අවිනිශ්චිත දේවලින් නෙමෙයි “ලැබුනහම” කියන නිශ්චිත දේවලින්.එතකොට ඒකට අදාලව අපිට අපේ අරමුණු ගොඩනගා ගන්න පුලුවන්.
අපි අපේ ශක්තිය හඳුනගෙන ජීවත්වෙමු.විදව විදවා ඉන්න තරම් මේ ජීවිත කාලය කෙටි වැඩියි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to සිහින

  1. Shadow/හේමලයා පවසයි:

    දවල් හීන නම් හෙනම භයානකයි…ඇබ්බැහිවෙන්නත් පුලුවන්…රැ ඒවානම් දෙයියනේ කියලා මතක හිටින්නේ නෑ……කොහොමටත් ඔය හීන මහ අහංකරයි….:D

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )