ළමයිද ඉත්තොද?

පහුගිය දවසක මට බොහොම අනුවේදනීය කතාවක් අහන්න ලැබුනා.අකාලයේ පරවෙලා ගිය මල් කැකුලක් ගැන තමා මේ කතාවත්.අවුරුදු 8 විතර පොඩි ගෑණුළමයෙක්ගේ මරණය සිද්ධවෙලා.මරණයට මූලික හේතුව “ඩෙංගු”.එත් ඒක පිටිපස්සේ තව සැගවුන හේතු රාශියක් තියෙනවා.
තරගකාරී අධ්‍යාපන ක්‍රමය,දෙමව්පියන්ගේ අවිවේකීකම,දරුවන් ගැන අවධානය අඩුකම වගේ දේවල් ගොඩාක්.මේ ළමයට උණ ගැනුනහම පෞද්ගලික වෙද්‍යවරයකුගෙන් ප්‍රතිකාර අරගෙන දවස් දෙකකින් විතර අඩුවෙලා.ඊට පස්සේ මේ ළමයව වාර විභාගෙට ලෑස්තිකරවන්න ඕනි නිසා පහුවදා ඉදන් පාන්දර ඇහැරවලා පාඩම් කරවලා.ඒකෙන් ළමයට ටිකක් අමාරු වුන නිසා ආයේ පාරක් බෙහෙත් අරන් ඇවිත් හැබැයි රොඅහලක නතරකරලා නෑ තමන්ගේ ව්‍යාපාරික ස්ථානය වහලා ළමයට තනි රකින්න වෙයි කියලා.අන්තිමට වෙලා තියෙන්නේ ළමයට පාසලේදිම අමාරුවෙලා රෝහලට අරන් ගිහින්.ඒත් එතකොට පරක්කු වැඩියි.
මේක තවත් එක සිද්ධියක් වුනත් අපිට මේකෙන් ගන්න ගොඩාක් පාඩම් තියෙනවා.අපි තේරුම් ගන්න ඕනි ළමයි කියන්නේ ළමයි මිසක් අපේ ඉත්තො නෙමෙයි කියලා.ඒගොල්ලන්ට දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා.අපිට ඕනි අපිට කරගන්න බැරි වුන දේවල් අපේ ළමයින්ගෙන් කරවා ගන්න තමයි මේ සමාජයේ ගොඩාක් අයට ඕනි.පුහු ආඩම්බරයකින් තමයි මේ සමාජයේ ගොඩාක් අය ජීවත් වෙන්නේ.ළමයින්ට අවශ්‍ය ආදරය,රැකවරනය නොසලකා හරින ගොඩාක් දෙමව්පියන්ට ඕනි තමන්ගේ ළමයා පන්තියේ පළවෙනියා කරන්න මිසක් හොඳ ළමයෙක් කරන්න නෙවෙයි.
ඒනිසාම තමයි දවසට පැය 5ක් තියෙන 5 වසර ශිෂ්‍යත්ව පන්ති බිහිවෙලා තියෙන්නෙත්,අවුරුදු 2 ළමයි බාරගන්න පෙරපාසල් බිහිවෙලා තියෙන්නෙත්.හැමදේම වාණිජකරනය වෙච්චි සමාජයක අපි අපේ ළමයි යොදාගෙන කරන්නෙත් ව්‍යාපාරයක්ද?නැත්තම් අනිත් අයට අපේ ළමයි ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් යොදාගන්න ඉඩදීලා අපි බලන් ඉන්නවද?අපි අපේ හදවතින් මේගැන විමසලා බලමු නේද?

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )