වීදුරු ගෙවල්වල සිට ගල් ගහමු

මම හිතන්නේ ඔය හැමෝම ඔයකතාව අහලා ඇති.හැබැයි ඔය විදිහට නෙමෙයි ගල් ගහන්න එපා කියලා.ඒත් මම නම් කියන්නේ අපි ඕක ඔය විදිහට වෙනස්කරගමු කියලයි.මිනිස්සු කොහොමටත් අනුන්ගේ වැරදි හොයන්න,කේලාම් කියන්න,වැරදි වැඩ කරන්න කැමතියිනේ.ඒත් ශිෂ්ඨාචාර ගත වීමත් එක්කම මේදේවල් අපි අඩුකරගෙන තියෙනවා මිසක් නැතිකරගෙන නෑනේ.ඉතින් අපි තාමත් වැඩිපුර හොයන්නේ අනුන්ගේ වැරදි.
අපිට ඒක නැතිකරගන්න බැරි නිසා අපි වීදුරුගෙවල් වලට වෙලාම මේ වැරදි හොයමුකෝ නේද?එතකොට අනිත් අයටත් අපේ වැරදි ලේසියෙන්ම හොයාගන්න පුලුවන්නේ.එතකොටවත් අපි අපේ වැරදි හදාගන්න ටිකක් හරි පෙළඹෙයි නේද?ඉස්සර කාලේ ඉදන්ම උපහැරණයක් තියෙනවනේ “ඔවා දෙනු පරහට – තමා සම්මතයෙහි පිහිටා සිට” කියලා.ඒත් අපි ඒගැන වැඩිය හිතුවේ නෑනේ.මේකෙන් කියවෙන්නේ අනුන්ට උපදෙස් දෙන්න කලින් අපි හරි දේ කරලා ඉන්න කියලනේ.ඒත් අපිට අමතක වෙන්නෙත් මේදේමනේ.
විශේෂයෙන් පොඩි ළමයි ලඟදි කරන දේවල් ගැනනම් අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි.ඒගොල්ලො අනුකරනයෙන්නෙ ඉගෙනගන්නෙ.අපිකරන දේවල් කරන පොඩි අය ඉබේම පෙළඹෙනවා.ඉතින් අපි කකුල් උඩ තියන් පුටුවක ඉදගෙන ළමයෙකුට එහෙම කරන්න එපා කියන්න බෑනේ.ඒවගේම ළමයි ඉස්සරහ වෙන මිනිස්සුන්ගේ වැරදි කියෙව්වහම ඒ ළමයි ඒ මිනිස්සුන්ට ඒ විදිහට ආමන්ත්‍රණය කරන එක වලක්වන්නත් බැහැ.
අපේ ගෙවල් ගාව වුන සිද්ධියක් මට මතක් වුනා.එක මාලු වෙළෙන්දෙක්ව එක්තරා කාන්තාවක් හැදින්වුවේ “කුනු මාලුකාරය” කියලා.ඉතින් දවසක් ඒගෙදර පොඩි එකා මිදුලෙ සෙල්ලම් කර කර ඉන්නකොට අර මාලු වෙළෙන්දා යනවා.ඔයගොල්ලන්ට හිතාගන්න පුලුවන්නෙ සිද්ධවුන දේ.අර ළමයා කෑගහලා කිව්වා “අම්මේ මෙන්න කුනු මාලුකාරය යනවෝ” කියලා.මේවගේ සිද්ධි ඕනෙතරම් ඔයගොල්ලොත් අත්විදලා ඇතිනේ.මම ඒකයි කිව්වේ මුලින්ම අපි කරන දේවල් ගැන හිතලා බලමු කියලා.සමාජයක් වෙනස්වෙන්න මූලික පියවර වෙන්නේ තමන් වෙනස් වීමනේ.අපි අපේගාව ඒවැරදිම  තියාගෙන අනිත් අයව හදන්න බෑනේ.

හැබැයි ඒකේ තව පැත්තක් තියෙනවා.ඒකියන්නේ කරන්නේ වැරදි දෙයක් කියලා දැනගෙනත් ඇබ්බැහිවීම මත ඒදේ කරන ගමන් තමන් අත්දකින නරක ප්‍රතිඵල නිසා ඒදේ තව කෙනෙකුට කරන්න එපා කියන අයගෙන්නම් අපිට ගන්න යමක් තියෙනවා.මොකද ඒ අය දන්නවා ඒකරන්නේ වැරැද්දක් කියලා.එහෙම නැතුව කලුවර ගෙවල් වල ඉදගෙන ලෝකෙට හොරෙන් වැරදි කරන ගමන් අනිත් අයට ගල් ගහන අයගෙන් සමාජයට කිසිම වැඩක් නැහැ.ඒ අය කරන්නේ සමාජය රැවටීමක් වගේම තමන්ගේ හිත රවටා ගැනීමක්.දෙලොවටම වැඩක් නැහැ එහෙම මිනිස්සුන්ගෙන්.

මමනම් හිතන්නේ තමන්ට අවංක වෙන්න බැරි මනුස්ස ජීවිතයකින් කිසිම පලක් නැහැ කියලයි.මේ සමාජයේ කිසිම කෙනෙක් තනි සුදු නැහැ.ඒත් වැදගත් වෙන්නේ තමන්ගෙන් වෙන වැරදි අඩුපාඩු පිලිඅරගෙන ඒවා හදාගන්න උත්සාහ කිරීමනේ.නැතුව සමජායට පේන්න වැරදි අත ඇරලා හොරෙන් ඒවා කිරීම නෙවෙයිනේ.
ඉතින් අපි වීදුරු ගෙවල සිට ගල් ගහමු….

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to වීදුරු ගෙවල්වල සිට ගල් ගහමු

  1. Shadow/හේමලයා පවසයි:

    අපිත් වීදුරු ගෙවල සිට ගල් ගහමු……:(

  2. ගැමුණු | Gemunu පවසයි:

    “අම්මේ මෙන්න කුනු මාලුකාරය යනවෝ !!!”
    පට්ටයි!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )