අපි ඉන්නේ පීඩනයක..

ඇත්තටම අපි නොදැනුවත්වම හරි අපි ජීවත්වෙන්නේ හිසේ විශාල පීඩනයක් දරාගෙන නේද ගොඩාක් වෙලාවට?විවිධ පුද්ගලයන් අනුව හේතුව වෙනස් වුනත් ගොඩාක් වෙලාවට අපි ජීවිතේ විඳවනවා.ආර්ථික,රැකියා,සබඳතා,ඉගෙනීම්,දේශපාලන..ආදී විවිධ දේවල් නිසා අපි අනවශ්‍ය පීඩනයක් අපි මතම එල්ලකරගන්නවා කියලයි මට හිතෙන්නේ.
මේ පීඩනය අපි එක් එක් විදිහට පිටකරනවා.බස් එකක  ගමනක් ගියත් අපි යන්නේ රියදුරුට හිතින් බැන බැන කාලය නාස්ති වෙනවට.රියදුරුත් ඉන්නේ පීඩනයෙන් කියලා පේන්නෙ තමන්ගේ ගමන් මාර්ගයට වෙන වාහනයක් ආවහම පිටවෙන පරුෂ වචන වලින්.කොන්දොස්තර කොයි වෙලෙත් බෙරිහන් දෙන ගමන්මයි.මේ හැමෝම එක එක විදිහට පිට කරන්නේ හිතේ තියෙන අසහනය,පීඩනය කියලයි මට හිතෙන්නේ.ගැටුම්,බැන ගැනීම් වල ඉවරයක් නෑනෙ නේද?තමන්ගෙම අයගේ වුනත් හිත් රිදවෙන වචන අපි නොදැනුවත්වම කොයි තරම් සිදුවෙනවද?

අපි මේකට මොකක්ද කරන්න ඕනි.එක දෙයක් තමයි අපිට වෙනස් කරන්න බැරි දේවල් ගැන වධ නොවී ඉන්න එක.හෙට වහින එක අපිට වෙනස් කරන්න බෑනේ.ඒත් අපිට පුලුවන් වැස්සෙන් බේරෙන්න කුඩයක් අරන් යන්න.කාලය නාස්තිවෙන ගමනකදි කියවන්න පොතක්,සඟරාවක් අරන් යන්න.
තව දෙයක් තමයි අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කර නොගැනීම.උදව් කරන්න පුලුවන් උපරිමයෙන්ම එත් කාගෙවත් පුද්ගලිකත්වයට මැදි නොවී.මොකද අපි කාට වුනත් තව කෙනෙකුගේ ජීවිතයට අතුල්විය හැකි යම් සීමාවක් තියෙනවා.එහෙම නැතිවුනොත් වෙන්නේ ප්‍රශ්න විසදීම නෙවෙයි තව වැඩි වීමයි.

ඒ වගේම තමයි තමන්ට බැරි දේට බෑ කියන්න පුරුදුවෙන්න.ගොඩාක් අමාරුවෙන් තමන්ට කරගන්න බැරි තරමට වැඩ බදාගෙන දඟලන්න කිසිම ඕනි කමක් නෑ.ගොඩාක් අය අනුන්ගේ හිත් රිදවන්න බැරි කමට කියලා දේවල් පොරොන්දුවෙලා ඊළඟට විදෝනවා.තමන්ට විවේකයක් ගන්න ඕනිනම් ගන්න.ඇයි ඒවෙලාවෙත් අනුන්ගෙ දේවල් වෙනුවෙන් නැහෙන්නේ.
මමනම් හිතන්නේ අපි මේ විදිහට පොඩි පොඩි දේවල් වෙනස් කරගත්තොත් ටිකෙන් ටික හරි අපිට මේ පීඩනයෙන් මිදින්න පුලුවන් වෙයි.අපි ඉදිරියේදිත් මේ ගැන තව කතාකරමුකෝ.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to අපි ඉන්නේ පීඩනයක..

  1. Charmi පවසයි:

    හොඳ සටහනක්. මට අල්ලලම ගිය කෑල්ල තමා අනුන්ගෙ හිත් රිදවන්න බැරිකමට අපි කන අනවශ්‍ය පරිප්පු. මම දන්න අවුල් සහගත ප්‍රේම සම්බන්ධතා රාශියක මුල තියෙන්නෙත් ඕක. මේක හරිම සංකීර්ණයි.
    මේ පැත්තෙ ආවෙ අදමයි. දිගටම එන්නම්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )