පීඩනයෙන් මිදෙමු..

මම මීට කලින් කතාකලානේ අපි අපි මතම ඇතිකරන් ඉන්න පීඩනය ගැන.තවත් ඒ ගැන ටිකක් කතාකරමු.ඉපදුනදා ඉදලා අනුකරනයෙන් හැම දේම පුරුදු වුන අපි යමක් කමක් තේරෙන වයසට ආවහමත් අනුකරනයටම යොමු වෙන එකත් මේ පීඩනයට බලපානව කියලයි මට හිතෙන්නේ.ඒ කියන්නේ අපි ගොඩාක් දේවල් කරන්න හදන්නේ රැල්ල ඒ පැත්තට යන නිසයි.නැතුව අපිට ඕනිවට නෙවෙයි.

අපිට ඒදේ කරන්න පුලුවන්ද හැකියාවක් තියෙනවද කියන එකට වඩා හොයන්නේ තමන්ගේ යාලුවෝ ඒදේ කරනවද කියන එකයි.අද කාලේ තරුණ පරම්පරාවේ කීදෙනෙක් නම් රැල්ලට එක එක පාඨමාලා කරලා මගදි අතෑරලා දානවද?අන්තිමට තමන්ගේ ශ්‍රමය,ධනය,කාලය ඔක්කොම නාස්ති කරගෙන අනේ අපොයි කියාගෙන ඉන්නවා.ඒකෙන් වෙන්නේ තමන්ම පීඩනයක් විහින් ඇතිකරගැනීමනේ.තමන්ට දරාගන්න පුලුවන් තරමට තමයි අපි ඉගෙන ගන්න ඕනි කියලයි මට හිතෙන්නේ.ඒක එක් එක් පුද්ගලයා මත වෙනස් වෙනවා.

දැන් ඔන්න වාහන මිල අඩුවුන නිසාම හැමෝම වාහන පස්සේ දුවනවා.තමන්ගේ මූලික අවශ්‍යතාවය ඒක නොවුනත් රැල්ලට යන නිසා ඒක ඕනිවෙලා.තමන්ට වාහනේ නඩත්තු කරන්න පුලුවන්ද කියන එකට වඩා අපි බලන්නේ අනිත් අයට වඩා හොඳ වාහනයක් ගන්න.හැබැයි ඊට පස්සේ විදවන්න වෙන්නේ අපිටමයි කියන එක අපි තෙරුම් ගන්නේ කල් ගිහිල්ලා.ඇයි මේතරම් අපි විහින් දුක් විදින්න හදන්නේ?අපිට පුලුවන්නේ අපේ තරම දැනගෙන අපිට ගැලපෙන විදිහට ජීවත් වෙන්න.

රැකියා ස්ථානයේදි මූන දෙන්න වෙන ප්‍රශ්න පෞද්ගලික කර නොගැනීමත් මේ පීඩනය අවම කරගන්න පුලුවන් තව ක්‍රමයක්.අපි තේරුම් ගන්න ඕනි රැකියා ස්ථානයේදි බොහෝවිට එන්නෙ රාජකාරිමය ගැටලු මිසක් අපිට පෞද්ගලිකව එල්ලවෙන ගැටලුවක් නෙමෙයි කියලා.ඒවා ඒ තනතුරට පොදු ගැටලු මිසක් පුද්ගලයින් ඉලක්ක කරගෙන එන ගැටලු නෙවෙයි බොහෝවිට.ඒනිසා ඒවා රැකියා ස්ථානයේම තබලා යන්න පිටවෙද්දි.ඔලුවේ තියාගෙන ගෙදර ගෙනියන්න එපා.

කල් මැරීම නිසාත් අපි ගොඩාක් වෙලාවට පීඩනයක් එල්ල කරගන්නවා.ඒකියන්නේ වැඩ කල් ඩම ඩමා ඉන්නවා කම්මැලිකමට.ඊට පස්සේ ඉතින් කාලේ ගත වෙන්න ගත වෙන්න පීඩනයත් වැඩිවෙනවා.ඒනිසා මමනම් කියන්නේ ගන්න තීරණයක් ඉක්මනට ක්‍රියාවේ යොදවන්න කියලයි.නැත්තම් අපිට අනාගතයේදි තමයි දුක් වෙන්න වෙන්නේ ඒ ගැන.

ඒවගේම තමයි තමන් කරන දේ ගැන විශ්වාසය තබන්න.මේක හරි යයිද වරදියිද කියලා හිතේ අවිනිශ්චිත තාවයක් තියාගන්න එපා.අනාගතය ගැන බයවෙන්න එපා.”මිනිසුන් කවුරුද වැරදි නොකරන” කියලා හිතලා වරදීමක් වුනත් හිටහදාගන්න පුලුවන්.ඒ වගේම ඒකෙන් පාඩමකුත් ඉගෙනගන්න පුලුවන්නේ.ඒනිසා කරන වැඩේ සාර්ථකබව අනාගතයේදි විසදෙවි.එතකම් කරන දෙය ආත්මවිශ්වාසයෙන් යුක්තව කරන්න.

මේක ගැන අපි ඉදිරියේදිත් කතාකරමුකෝ.
විදිමු අපි ජීවිතය…..

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to පීඩනයෙන් මිදෙමු..

  1. ```Outsider``` පවසයි:

    අනුන්ට ඕනි දේ කරන්නයි උපන් දවසෙ ඉඳන්ම දරුවන්ට වටේ ඉන්න කවුරුත් බලපෑම් කරන්නෙ. ඉතින් අනුන්ගෙ දෑසින්මයි අපි ලෝකය බලන්න පටන් අරන් තියෙන්නෙ. ගොඩක් ප්‍රශ්ණ වලට හේතුව එයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )