අපි ණයගැතියෝය….

ඔන්න මම මේ කතාකරන්න හදන්නේ රටේ ණය ගැන නම් නෙමෙයි.(ඒගැන කතාකරලා වැඩක් නැහැනේ.මොකද අපි ඉන්නේ තමන්ගේ ආදායමින් ගත්ත ණය වල වාරිකයි,පොලියයි වත් ගෙවා ගන්න බැරි තරම් ණය බරින් මිරිකෙච්ච හිඟන රටකනේ) මම මේ කතාකරන්න හදන්නේ පුද්ගලයන් විසින් අපිම විහින් හදාගෙන තියෙන ණය ගැතිකම ගැන.මම මේ මුදල් ගැන නම් නෙමෙයි කියන්නේ.මම කියන්නේ අපි එදිනෙදා කරන කියන දේවල් වලට අදාලව.ඒකියන්නේ අපේ හැසිරීම,ක්‍රියාවන් ගැන.
අපි කොයිතරම්නම් දේවල් අනුන්ව අනුකරනය කරමින් කරනවද දිනපතාම?එක පාරටම ඒක තේරුනේ නැතිවුනත් ටිකක් හිතලා බැලුවහම තේරෙයි ඒගැන.අපි ගොඩාක් වෙලාවට යන රැල්ලට යනවා මිසක් හිතලා බලලා වැඩකරනවා හරි අඩුයි නේද?ඉතින් ඒකියන්නේ අපි සිතුම් පැතුම් පවා අනුන්ගෙන් ණයට ගන්නවා කියන එක නේද?අපි කීදෙනෙක් අනුන් කියන ඒවා අනුව ඒ දෘෂ්ටිකෝණයෙන් ප්‍රශ්න ගැන බලනවා මිසක් තමන්ගේ ස්වාධීන මතය ඉදිරිපත් නොකර ඉන්නවද?මම මේගැන තව සරලව එදිනෙදා හමුවෙන සිදුවීම් ආශ්‍රයෙන් කියන්නම්කෝ.
අපේ කාර්යාලයට අලුතින් කෙනෙක් ආවහම අපි ඒ පුද්ගලයා දිහා බලන්නේ ඒ පුද්ගලයා ගැන කාගෙන් හරි අහලා තියෙන විදිහටනේ නේද?කවුරුහරි නරක ආරංචියක් කියලා තිබ්බොත් අපි මුලින්ම බලන්නෙත් ඒවිදිහටයි.තමන්ට නොගැලපෙන අංශයක වැඩ කරපු නිසාම අකාර්යක්ෂම වුන පුද්ගලයෙක් අපි ඉන්න අංශයකට ආවොත් අපි කතාවෙන්නේ “කිසි වැඩකට නැති එකෙක් අලුතින් ඇවිත් ඉන්නේ” කියලානේ ඒ මනුස්සයා දකින්නත් කලින්.ඒවගේම තමයි හොඳ වර්නනාවක් එක්ක ආවොත් අපි හිතන් ඉන්නේ හරි ඉහලින්.ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය.අපි නොදැනුවත්වම අපි අදහස් ණයට අරන් නේද?
ඒවගේම තමයි සමාජය විසින් ඇතිකරගෙන ඉන්න සම්ප්‍රදායන් බිදින්න අපි හරි අකමැතියි.අපිට ගැලපුනත් නැතත් අපි ඒදේවල් කරන්නන් වාලේ කරගෙන යනවා.ගෙදරදි,කාර්යාලයේදි අපිට මේවාගේ දේවල් ඕනිතරම් හමුවෙනවා.වාහනයක් ගත්තොත් මුලින්ම කතරගම යන්න,පොඩි එවුන්ගේ හරි මහ එවුන්ගේ හරි උපන්දිනයක් ආවොත් සාදයක් පවත්වන්න,උපන්දිනේට කාර්යාල සගයන්ට අනිවාර්යයෙන් කේක්ම දෙන්න,…මේ ආදී වශයෙන් සමාජය හදපු දේවල් බිදින්න ලේසියෙන් කෙනෙක් උත්සාහ කරන්නෙ නෑ.කිසිම නිර්මාණශීලී කමක් නැතුව යන පැත්තට යන්න තමයි අපි ගොඩාක් අය උත්සාහ කරන්නේ.ඒනිසාම තමයි අපේ ජීවිත එක තැන පල් වෙන ගතියක් තියෙන්නේ කියලයි මට හිතෙන්නේ.
ඒවගේම තමයි විවිධ මාධ්‍ය මගින් පතුරුවා හරින දේවලුත් අපි ණයට අරන් ඔලුවේ දාගන්නවා මිසක් හොයලා බලන්න උත්සාහ කරන්නේ නෑ.ප්‍රවෘත්ති විකාශයේදි වුනත් ඒගොල්ලන්ම කියාගන්න ඒවා අපිත් එහෙම ගන්නවා.”සත්‍යයේ සටහන”,”සමබර”,”හැමට ප්‍රථමයෙන්”..ඔය ආදී එක එක පාඨ එආයම කියගන්නවා මිසක් නැතුව කිසිම හරයක් නැහැනේ.ඒවගේම තමයි අපි කීදෙනෙක් තාමත් බොළඳ එ-මඉල් පණිවුඩ බෙදාහරිනවද ඇත්ත නැත්තවත් නොදැන.අපි විහින් අපේ මොලය පුස්කන්න අරිනවා පාවිච්චි නොකර.
ඇයි අපි එකම විදිහටම දේවල් කරන්න හදන්නේ?අපිට පුලුවන්නේ හොද වෙනසක් ඇතිකරන්න.සමාජයක් හදන්න පුලුවන් එක එක පුද්ගලයා වෙනස්වීමෙන්ම තමයි.ඉතින් අපි උත්සාහකරමුකෝ මංගල්‍යයකදී,අවමගුලකදී,උත්සවයකදී කරන්නන්වාලේ කරන දේවල් වල හරයක් නැති දේවල් අයින් කරලා දාන්න.එදිනෙදා ජීවිතයට මොලයත් සම්භන්ධ කරගන්න.මේ සින්තටික් ජීවිතයෙන් මිදිලා පොලවේ පයගහලා බලමු නේද?
අපි ටික ටික හරි මේවා තේරුම් අරගෙන අපිට ඕනි විදිහට ජීවත් වෙන්න උත්සාහ කරමු නේද?මොකද අපි බයවෙන්න ඕනි,ලැජ්ජා වෙන්න ඕනි පව් කරන්නයි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to අපි ණයගැතියෝය….

  1. Anton පවසයි:

    ඔබ ලියන දේ සහා ලියන විදිය ගැන මං කැමතියි. අපිට අපේ ජීවිතේ සාමාන්යයෙන් කරන දේවල් වල නොපෙනෙන පැති දකින්න සලස්වනවා.
    වෙනස් කරගත යුතු දේවල් පෙනෙන්න සලස්වනවා වගේම වෙනස්කරගන්න ශක්තියක් අප තුල ඇතිකරගන්න සලස්වනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )