මිනිසාගේ යුතුකම….

මිනිසාගේ පරම යුතුකම වනුයේ මිනිසාට සේවය කිරීමයි කියලා හොඳ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් කියලා තියෙනවා මම අහලා තියෙනවා.මම මේ කතාකරන්න යන්නේ මිනිසාගේ යුතුකම ගැනම තමයි.මම නම් හිතන්නේ අපි අනිත් අයට සේවය කරන්න කලින් අපි අපිට සේවය කරගන්න ඕනි කියලයි.ඒකම අනිත් මිනිස්සුන්ට කරන ලොකු සේවයක් කියලයි මට හිතෙන්නේ.මොකද අපි අනිත් මිනිස්සුන්ට කරදර නොකර,වදයක් නොවී ඉන්න එකම ඇති හොඳ පුරවැසියෙක් වෙන්න. අපි මේගැන එදිනෙදා ජීවිතයට සම්භන්ධ කරගෙන බලමුකෝ.වැස්ස කාලෙටවත් කුඩයක් අරන් එන්නේ නැතුව අනිත් අයට කරදර කරන අය කොච්චර මගතොටේදි මුනගැහෙනවද?ඒවගේම වැස්සට තෙමිච්ච කුඩය දාගන්න පොලිතීන් කවරයක් ගේන්නේ නැතුව අනිත් මිනිස්සුන්ගේ ඇඟට වතුර පෙර පෙරා කුඩය අරන් යන අය බස් වල කොයිතරම් ඉන්නවද?බස්වල බෑග් දාන්න තැන් තියෙද්දිත් වෙන කෙනෙක් බෑග් එක ගන්නකම් බලන් ඉන්න අය කොයිතරම්ද?ඒවගේම තමයි කාර්යාලයෙදි,බැංකුවෙදි,තැපැල් කාර්යාලයේදි පෑනක් ගේන්නේ නැතුව හොයන අය කීදෙනෙක් අපි අතර ඉන්නවද?

ඒවගේම තමයි අපි වෙලාවට වැඩ නොකිරීමෙන් කොයිතරම් දෙනෙක්ව අපහසුතාවයට පත් කරනවද?අපි කීදෙනෙක් ගමනක් යන්න,කෙනෙක්ව මුණගැහෙන්න යන්න පරක්කු වෙනවද?ඒකෙන් ඒකෙනාට වගේම තමන්ටත් වෙන කාල නාස්තිය කොයිතරම්ද?තමන්ට ලැබෙන මාසික වේතනය හරියට කළමණාකරනය කරගන්න බැරුව පඩි දවස් ලංවෙද්දි අනිත් මිනිස්සුන්ගෙන් ඉල්ලන අයත් කාර්යාලවලදි මුනගැහෙනවනේ.තමන්ට තමන්ගේ අවශ්‍යතා ඉටුකරගන්න බැරිව මේ කරන්නෙත් කරදරයක්නෙ නේද?
මේවා පොඩි දේවල් නිසාමයි මම මේ මතක් කරන්නේ අපිට ඉක්මනටම හදාගන්න.මොකද අපි මහලොකුවට ගොඩාක් දේවල් වෙනස්කරන්න හැදුවට අපි ලඟ තියෙන පොඩි පොඩි අඩුපාඩු ගැන අපි සැලකිලිමත් වෙනවා හරි අඩුයිනේ.

ඉතින් අපි අපේ යුතුකම ඉටුකරමු.අනුන්ට කරදරයක් නොවී ජීවත් වෙමු.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )