අපේ ජීවිත අපි අතේද?..

එක පාරටම බැලුවහම විකාර ප්‍රශ්නයක් වගේ නේද පේන්නේ මෙහෙම ඇහුවහම.අපේ ජීවිත අපි අතේ නැත්තම් වෙන කා අත තියෙන්නද නේද?අපේ ජීවිතේ අයිති අපිටනේ නේද?ඒත් මට මේ ප්‍රශ්නය අහන්න හිතුනේ ඊයේ ප්‍රවෘත්ති ඇහුවට පස්සේ හිතට දැනුන හැඟීමුත් එක්ක.ඔය කවුරුත් ඒ සිද්ධිය දන්නවා.අර කටුනායකදි දුම් රිය හරස්පාරකදි යතුරුපැදියක් අනතුරට භාජනය වුන එක.දැන් කාට වරද පැටෙව්වත් වෙච්ච දේ වෙලා ඉවරයිනේ ඒ පවුලට.ඒත් අපිට ඒකෙන් ගන්න තියෙන පාඩම හොයාගමු.

දැන් කියන්නේ එතන තියෙන ආරක්ෂන පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නෙ නැති එකත් මේකට හේතුවක් කියලයි.ඒක එහෙම වෙන්න පුලුවන්.මොකද අපි හොදින් දන්නවනේ අපේ රට ගැන.ඒත් අපි මෙතනදි අනුන්ගේ වැරදි හොයනවා මිසක් තමන්ගෙ කාර්යභාරය ගැන අමතක වෙනවනේ.අපි ඉබේම අපේ ජීවිත වෙන අයට පවරනවා නොදැනුවත්වම.ඇයි මම එහෙම කියන්නේ?මේ අනතුරට මූලිකම හේතුව විදහට මම දකින්නේ තමන් තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් නොවීම.අපි හැමෝම අහලා තියෙනවනේ “තමන් අතට තම අතමය සෙවනැල්ල” කියලා.ඒත් අපි ගොඩාක් දෙනෙකුට මේක අමතක වෙනවා අපේ ගොඩාක් වැඩ වලදි.විශේෂයෙන්ම මගතොටේදි.අපි කීදෙනෙක් වාහන රියදුරන්ට,අනිත් මිනිස්සුන්ට අපේ ජීවිත බාර දීලා වැඩ කරනවද?අපිට හිතුන හිතුන තැනින් පාර පනින්නේ පාරේ එන වාහනවල තිරිංග පද්ධති,ඒ රියදුරන්ව කොයිතරම් විශ්වාස කරලද නේද?අපිට ඕනි තැන් වලින් අපි බස් වලට නගින්නෙත්,බහින්නෙත් ඒ නිසාමනේ නේද?

විදුලි සංඥා වලට බස් එක නැවැත්තුවහම කීදෙනෙක් බස් එකෙන් බහින්න දගලනවද?කීදෙනෙක් කොන්දොස්තරගෙන් අහනවද මෙතනින් බහින්නද කියලා.ගොඩාක් කොන්දොස්තරලත් කියන්නේ පාර බලලා එහෙනම් බැහැගන්න කියලනේ.ඉතින් අපිත් අපේ ජීවිතේ ඒ අයට පවරලා බස් එකෙන් බහිනවා.ඉස්සරනම් පිරිමි පාර්ශවය විතරක් කරපු මේ වැරදි දැන් කාන්තා පාර්ශවයෙනුත් ඕනි තරම් කෙරෙනවා.පාරේ දකුනු පැත්තට වඩා පාරේ වම්පසින් ඇවිදින්නේ අපිමයි නේද?තව වාහනයක් පසුකරගෙන යනකොට ඒ රියදුරා වාහනේ වේගය අඩාල කරනව කියන විශ්වාසයට අපි ඉදිරියෙන් එන වාහනත් නොතකා වාහන පදවනවනෙ නේද?දුම් රිය අද්දද්දි අපි කීදෙනෙක් ඒකට නගිනවද දොරේ ඉන්න අය අපිව අල්ලගනීවි කියන විශ්වාසයෙන්?

අපි අපිම හිතලා බලමු මේ වැරදි අපිත් කරනවද කියලා.ඇයි අපි මේ තරම් අපේ ජීවිත අඩු වටිනාකමකින් සලකන්නේ?අපි අපිට ආදරේ නැතුවද?අපි ගොඩාක් දෙනෙකුට වෙලා තියෙන්නේ මේ ගැන හිතලා නොබලන එකනේ.දුවන්නන් වාලේ දුවනවා මිසක් අපිට පොඩි දෙයක් ගැනවත් මොලය වෙහෙසන්න කම්මැලි වෙලා නේද?ඇයි අපි අපේ මොල පුස් කන්න ඇරලා නිකම්ම බලන් ඉන්නේ?අපි අපේ පොඩි පොඩි අඩුපාඩු සකස් කරගෙන ජීවිතේ නියම වටිනාකම අත්විදිමු නේද?අනුන් හදන්න කලින් අපි අපේ පැත්තට ඇගිලි දික්කරගමුකෝ.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )