නිවට දේශපාලකයින් තාමත් කරගහගෙනද?

මම මේ සටහන තබනුයේ රටේ දේශපාලන විගඩම් උපරිමයකට ලඟාවෙමින් තිබෙන මොහොතකය.18 සංශෝධනයදී තමන්ගේ සමාජවාදයද,කොමියුනිසිට්වාදයද,මෙතෙක් කල අරගල සියල්ලද, පාවාදී ජූලි වර්ජකයින්ව මහමගට ඇදදැමූවන් ඇමතිකමක්,මන්ත්‍රීකමක් වෙනුවෙන් නිරුවතින් දඟලන මොහොතකය.රටේ දරුණුම ව්‍යසනය වූ සුනාමිය අවස්ථාවේදිත් තමන්ගේ සුපුරුදු ටෙලිවිගඩම් රාත්‍රිය පුරා විකාශය කල ලංකාවේ බාලම රූපවාහිනී නාලිකාවට බෝම්බයක්ද ගසා පසුව එහිම “ස්ටාර්” වඩසටහනක විනිසුරුවෙක් වූ, රජුගේ අධෝමුඛය පුන්‍යනගරයකදී “ජෙනරාල් එල්ලා දමනු” යනුවෙන් උද්ඝෝෂණ කරන මොහොතකය.නිදහස උදුරාගෙන “සමාව ඉල්ලුවොත් දෙනවා”යයි රටේ නායකයින් කියන මොහොතකය.”අනේ සමාව ඉල්ලන්නකෝ,අපි දෙන්න බලන් ඉන්නෙ” යයි කෑ ගසන මොහොතකය.උත්තරීතර ආයතනයකට අපහාස කර හිරේ ලැඟවිත් දේශපාලන මිත්‍රකම් නිසාම ඇමතිකමක් ලැබූවෙක් විශ්වවිද්‍යාල සිසුන් “යහමගට යොමු කිරීමට” සිසුන්ව පීඩනයට පත්කරන මොහොතකය.පිරමීඩ ක්‍රමය අපේ රටට හදුන්වාදීමේ පුරෝගාමියෙක් රටේ මූල්‍ය පාලනයේ ඉහළම බැංකුවක මුල් පුටුව හොබවමින් සාමාන්‍ය මිනිසුන්ට නොතේරෙන ආර්ථික සංවර්ධනයක් ගැන කියන අවදියකය.

රටේ අප්‍රමාණ සිවිල් මනුෂ්‍ය ඝාතන,ආගමික නායක ඝාතන සිදුකල,ආගමික සිද්ධස්ථාන,ආර්ථික මර්මස්ථාන වලට පහරදුන්,රට රැකුමට ඉදිරිපත්වූ වීරෝධාර රණවිරුවන්ගේ ජීවිත අහිමිකළ,ආබාධිත කළ හා විදේශගතව මේ සඳහා අරමුදල් රැස්කළ,ඔවුන්ගේම ත්‍රස්තවාදී නායකයාට මුදල් වංචා කළ ත්‍රස්තවාදී නායකයින් දේශප්‍රේමීන් කරමින් ඔවුන් විසින් බලෙන් පැහැරගෙන ගොස් යුද්ධයකට ඇදදැමූ සාමාන්‍ය වැසියන් ත්‍රස්තවාදීන් යයි හංවඩු ගසන අවදියකය.භික්ෂු සංහාර,බෞද්ධයින්ගේ පූජනීයත්වයේ මුදුන් මල්කඩට,රටේ පාරම්පරිකම උරුමයට කළ ප්‍රහාර අමතක කර දමා,ඒ අවස්ථාවලදී සාමාන්‍ය මිනිසුන්ගෙන් සෙළවුන ලේ අමතක කරදමා ඒ ප්‍රහාර මෙහයවූවන්ට ඇමති කම් පමණක් නොව,පක්ෂයේ ජෙ‍යෂ්ඨ තනතුරුද පුදදී,සොහොයුරු ලේකම් ඝාතන තැතට හවුල් වූවන් පමණක් නීතිය ඉදිරියට පමුණුවන අවදියකය.තමන්ගේ පක්ෂයේ පරාජයේ සියලු වගකීම් නායකයාට පමණක් පවරා ඔහුවවත් ඉවත්කරගැනීමට නොහැකි රටේ අනාගතනායකයින් ඉන්නා අවදියකය.පාර්ලිමේන්තුවෙන් වැඩක් නෑ කියලා මන්ත්‍රීන්ම පෙන්නලා දීලා 225න් 18ක් විතරක් සභාවේ ඉන්න කාලයකය.මැතිවරණ වේදිකාවේ “පට්ට ගහන” කතා කීම නිසාම අමාත්‍යාංශයකින් මිලියන 200 හා 600 ව්‍යාපෘති ලබාගත් කලාකාරයෝ ඉන්න කාලයකය.

මා මේ සියල්ල ලිවූයේ ඔබට යම් දෙයක් වටහා දීමට පමණි.රටේ පාලන පක්ෂය කුමක් වුවද ඔවුන් කරනුයේ ඔවුනට අවශ්‍ය දේවල් මිස තමනට බලය ලබාදුන් සාමාන්‍ය ජනතාවට අවශ්‍ය දෙය නම් නොවේ.එනම් අපේ රටේ “සර්වජන ඡන්ද බලය” කිසිසේත්ම තව දුරටත් වලංගු නොවේ.එය භාවිතා කරනුයේ කාලෙන් කාලෙට අපේ මනසට,දෙසවනට,දෙනෙතට වධ දීම උදෙසා පමණි.මේ අධම දේශපාලකයින් උත්සාහ ගනුයේ මාධ්‍ය වලින් නිරතුරු පෙනී සිටිමින් අපේ මනස වෙනස්කිරීමටයි.මේ ගැන අපිම ටිකක් හිතලා බලමුද?රටේ වුන දේවල් ගැන බලාගැනීමට අපි ප්‍රවෘත්ති විකාශයකට යොමු වුනොත් ඒකෙන් 75%ක් විතරම තියෙන්නේ මුන්ගේ වැඩකට නැති කතා නේද?ඊලඟට රාත්‍රී 9න් පස්සෙ නාලිකා කීයක මේ නිවට දේශපාලකයෝ හරි උන්ට කඩේ යන එක එක ජාතියේ වියතුන් යයි කියාගන්න උන් බදු අරගෙනද?මේ ප්‍රසිද්ධ චරිත තමන්ගේ කටින් “අතිගරු” කියන එකේ “අ” වත් කියන්න කට හොල්ලන්නේ නෑ තමන්ට වාසියක් නැත්තම් කියන එකත් දැන් හොඳටම පැහැදිලියිනේ අපි කාටත්.

මම විශ්වාස කරන්නේ රටක් ඉදිරියට යන්න නම් කලින් පරම්පරාවට වඩා ඊළඟ පරම්පරාව බුද්ධිමත් වෙන්න ඕනි කියලයි.අපේ රට සැලකුවහම සාමාන්‍ය මිනිස්සු අතර මේක එහෙම වුනාට පාලකයොනම් එන්න එන්නම ආපස්සට යනව කියලයි මට හිතෙන්නෙ.අපි මේ වෙද්දි හොඳටම දන්නවා අපේ රටේ ඉන්නෙ බුද්ධිමත් පාලකයින් නොවෙන වග.ඉතින් අපි දැනගන්න ඕනි අපේ බුද්ධිය භාවිතා කරලා ජීවත් වෙන්න.අපි බුද්ධිමත් වෙන්න ඕනි.දේශපාලකයොයි,උන්ගේ පිල්ලි වගේ වැඩ කරන මාධ්‍ය වලටයි ඕනි විදිහට අපේ ජීවිත හසුරුවන්න ඉඩදෙන්නෙපා.තමන්ගේ මනසින් හිතලා බලන්න.කලින් පරම්පරාවල අය ගත්ත වැරදි තීරණ නිසා රට මේ තත්වයට ඇදවැටුනු එකේ අපිවත් හොඳ දේ තේරුම් අරන් නිවැරදි සමාජ ආකල්පයක් ගොඩනගමු.අපි මේ දේශපාලන නිවටයින්ව ප්‍රතික්ෂේප කරමු.අපේ පන්සලේ,දහම්පාසලේ,ළමයි යන පෙරපාසලේ පින්කමට,උත්සවයට මුන්ට ආරාධනා කරන එක නවත්තමු.(ඕනිම නම් පොදු වැසිකිලියක් විවෘත කරන්න එන්න කියමු.)අපේ ළමයි ලව්වා මුන්ට වන්දවන එක නවත්තමු.ගමේ පාරට මේ නිවටයින්ගේ නම් දාන එක නවත්තමු.Jඵ් කමක් වෙනුවෙන් මුන් පස්සෙන් යන එක නවත්තමු.ඡන්දෙ කාලෙට මුන්ව ගම වටේ එක්කන් යන එකෙන් වළකිමු.ළමයව හොඳ පාසලකට ඇතුල් කරගන්න මුන්ගෙන් ලියුම් ඉල්ලන ක්‍රමය වෙනස් කරමු.මොකද මුන්ට වඩා උසස් තත්වයක මේ අපි ඉන්නෙ.හොඳට හිතලා බැලුවොත් ඒක අපිටම තේරෙයි.
ඉතින් අපි තව දුරටත් සමාජයෙන් කොන් කළ යුතු මොවුන්ව කරගහගෙන තමන්ගේ ශරීරයට දුක් දෙනවද?නැත්තම් තමන්ගේ ජීවිතේ වගකීම තමන්ම අරගෙන ජීවිතේ විඳිමුද?

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

4 Responses to නිවට දේශපාලකයින් තාමත් කරගහගෙනද?

  1. h පවසයි:

    මේව කතා කරන එක හරිම ලේසියි… ඒ වුණාට වැඩ කරන්න ගියාම තමයි තේරෙන්නේ වැල යන් අතට මැස්ස නොගැහැව්වොත් සොරි තමයි කියල… ඒ කියන්නෙ ඒක හරිය කියන එක නෙවෙයි… නමුත් මිනිස්සු එහෙම සාමූහික සුභසිද්ධිය වෙනුවෙන් එකතු වෙන්නෙ නෑ දැන්. ඒ නිසා මොන මගඩියක් කරල හරි තමන්ගෙ වැඩේ කරගැනීමේ තත්ත්වයක් තමයි තියෙන්නේ… මේක අනිත් පැත්තට පෙරලෙයි… හැබැයි හෙට අනිද්දානම් නෙවෙයි…

    ඒක වෙන්න මේ කතිකාව වැදගත්… ‍හොඳ සටහනක් කියවන්න ලැබීම ගැන සතුටුයි…

    • MLS පවසයි:

      සමහරවෙලාවට අපිට අකමැත්තෙන් වුනත් මේ ක්‍රමයට අනුගතවෙන්න වෙනවා කියන එක මත් පිලිගන්නවා.ඒවෙලාවට අපි බුද්ධිමත් වෙන්න ඕනි මුන්ව පාවිච්චිකරලා අපේ වැඩේ කරගන්න මුන්ට පිව පාවිච්චි කරන්න ඉඩනොදී.ස්තූතියි අදහසට..අපි ආකල්ප වෙනස්කරගමු ක්‍රම ක්‍රමයෙන්.

  2. දුකා. පවසයි:

    නියම ලිපියක් සහෝ . . .

    මමත් පුලුවන් විදිහකින් උත්සාහ කරනවා මේ පාට වලට මරා ගන්න අන්තවාදී දේශපාලනයෙන් අපේ අලුත් පරම්පරාව වත් ගලවා ගන්න . .

    ඒත් හරිම අමාරුයි. අපිට අපේ අම්මලා තාත්තලාගෙන් ජීර්ණය වුනා වගේ මේ අලුත් පරම්පරාවේ අයටත් සෑහෙන්න ලෙඩේ බෝ වෙලා තියෙනවා.

    රටක් නියමාකාරයෙන් සංවර්ධනය වෙන්නේ පාවෙන චන්ද කියන කොටස වැඩි උනාම . . ඒත් අපේ රටේ . . .

    බලමු උත්සාහ කරලා . .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )