කාලීන ධර්ම දේශනා…

ගියා හමුවීමට
පසිඳු හිමිනම
රූපවාහිනියෙන්ම
නිරතුරු රුවදකින

කළා ඇරයුමක්
බණ දේශනාවකට
එක් පැයක් නො ඉක්මවන
වත්කමේ සැටියට

පැමිණියා සැපරියෙන්
පැයක ප්‍රමාදයකින්
ආරම්භ කෙරුමට
“කාලීන ධර්ම දේශනාව”

කාලයෙන් වැඩි කොටස
කළා විවේචනය
අපිවත් බලා නැති
ටෙලි වැඩසටහන් ගැන

අවසන් කළා දේශනය
විවේචනයෙන්ම
ක්‍රියා කලාපයන්
අනිත් හිමිවරුන්ගේ

දැන් ඉතින් අවසරයි
මිලදී ගැනුමට
පොත්පත් සීඩී
ප්‍රකාශිත මෙහිමිනම

අවසන පොරබඳිති
නමස්කාර කෙරුමට
අල්ලා දෙකකුල්ම
සැදැහැවත් උපාසිකාවන්

නික්මුනා හිමිනම
අපිට වටහාදී
කාලීන දහමේ අගය
අනේ සාදූ!! සාදූ!!!

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to කාලීන ධර්ම දේශනා…

  1. මාරයා... පවසයි:

    අහො දුකකි..
    ඉරකි තිතකි…

  2. පින්ග්කිරීම: කාලීන ධර්ම දේශනා…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )