ඔබ ඉන්නෙත් ජනමාධ්‍ය තල් ගහක් යටද?

අපි හැමෝම අහල තියෙනවනේ තල් ගහක් යට නිදාගෙන හිටිය හාවගේ කතාව.මට නම් හිතෙන්නේ ඒ කතාව දැන් සමාජයේ මිනිස්සුන්ට හොඳට ගැලපෙනවා කියලයි.මොකද අපි ගොඩාක් දෙනෙක් මේ වෙද්දි පුරුදුවෙලා ඉන්නේ ඉක්මනටම කලබල වෙලා,දුවන්නන් වාලේ අනිත් අය පස්සෙන් දුවන්න විතරයි.අපරාදේ කියන්න බෑ අපේ ජනමාධ්‍ය වලින් ඒකට අපිව ඕනි තරම් උනන්දු කරනවා.මම දිගින් දිගටම කියන්න උත්සාහ ගන්නෙත් අපේ මේ පුස්කන මොළ වලින් වැඩක් ගන්න හැටි ගැන හිතලා බලන්න.
අපි ඕනිම දෙයක් ගැන හරි ඉක්මනට කලබල වෙලා නිගමනවලට එළඹෙනවා.ගොඩාක් වෙලාවට අපි ඒකට උපයෝගී කරගන්නේ ජනමාධ්‍ය වලින් ගන්න තොරතුරු.ඒත් මේ තියෙන අති ධාවනකාරී,ව්‍යාකූල සමාජයත් එක්ක ජනමාධ්‍ය වලින් ලැබෙන්නෙත් මතුපිට තොරතුරු විතරයි මුලින්ම.අපි කරන්නේ ඒකෙන් නිගමනවලට එළඹිලා ඒ කෝණයෙන් ඒ ප්‍රශ්නය දිහා බලන එක විතරයි.අපි කීදෙනෙක් මේ ගැන වාද කරනවද තමන්ගේ කාර්යාලයෙදි,පවුලේ අයත් එක්ක,යාලු මිත්‍රයොත් එක්ක තමන්ගේ මතවාදය කියලා හිතන් ඉන්න ජනමාධ්‍ය වලින් අහුල ගත්ත තොරතුරුත් එක්ක.ඒත් අපි පොඩ්ඩක් මේවා දිහා ඉවසීමෙන් ඉඳලා බැලුවොත් අපිටම තේරෙයි ඒ සිදුවීමේ උණුසුම ටික දවසකින් පහව යනවා වගේම එච්චර කල් හෙළිනොවුන තොරතුරුත් එළියට එනවා කියලා.හැබැයි ඒවෙද්දි අපි හිතරිදවීම් සිදුකරගෙන වෙන්නත් පුලුවන් තමන්ගේ හිතවතුන් අතර.මේක මැතිවරණ කාලයට වැඩියෙන් සිදුවුනත් අනිත් කාලය වලදිත් සිදුනොවෙනවා නෙමෙයි.ටික දවසකින් නියම තොරතුරු එළියට ආවහම අපිටම තේරෙයි අපි කොයිතරම් වැරදි මතයක එල්බගෙනද ඉඳලා තියෙන්නේ කියලා.ඒ වගේම අපි කියවන්න,අහන්න කැමති වෙන්නෙත් අපි එල්බගෙන ඉන්න මතය තහවුරු කරන කරුණු විතරනේ.අපි කැමති නැහැ ප්‍රතිවිරුද්ධ මතය විමසලා බලන්නත්.ඉතින් අපිත් මේ වැරදි මතය තව තවත් ඔලුවේ දාගෙන තවත් අවුල් වෙනවා.
අපි හොඳටම දන්නවනේ එකම තොරතුර වුනත් කොයිතරම් වෙනස් විදිහකට එක් එක් ජනමාධ්‍ය වලින් වාර්තා කරනවද කියලා.ඒකට උදහරණ ඕනිම දවසක පුවත්පත් වල සිරස්තල බැලුවත් අපිටම තේරුම්ගන්න පුලුවන්.වෙන එකක් තියා මියයන ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වයස වුනත් එක් එක් මාධ්‍ය වලට එක් එක් විදිහයි.මේක බොහොම පොඩි දෙයක් වුනත් ඒකෙන් වුනත් තේරෙනවනේ මේ මාධ්‍ය වල තියෙන සැළකිලිමත් බව.ඉතින් අපි කොහොමද අනිත් දේවල් විශ්වාස කරන්නේ.කාලෙන් කාලෙට මේ මාධ්‍ය වල එක එක රැළි එනවනේ.පහුගිය කාලේ “බාලවයස් විවාහ”.දැන් “විශ්වවිද්‍යාල දේශපාලනය”.ඊළඟට තව එකක්.හැබැයි මේ එක දේකවත් නියමාකාර හේතුව මොකක්ද කියලා මේවයින් හොයන්නේ ඉතාමත් දුර්ලභ අවස්ථාවක විතරනේ.මේගොල්ලෙ මෙහෙම මතුපිටින් අතගාන එකෙන් සමාජයට යන්නේ වැරදි අදහසක්.නියමාකාර තොරතුරු හොයන්න කම්මැලිකම නිසා හරි නොදැනුවත්කම නිසා හරි මේ මාධ්‍යවේදීන් යයි කියාගන්න පිරිස අපිව අවුල් කරනවා ගොඩාක් වෙලාවට.පහුගිය දවස්වල විකාශය වුන ක්‍රීඩා උළෙලක කාන්තා යුගල බැඩ්මින්ටන් අවසන් තරඟය අවසන් වෙලා රූපවාහිනී නිවේදකයා පෙනී ඉඳලා කියනවා “කාන්තා මිශ්‍ර යුගල තරඟය” ඒ අවසන් වුනේ කියලා.ඒ තරමටවත් නොදැනුවත් අයද මේවයේ ඉන්නේ කියලා හිතෙන්නේ මේ වෙලාවට.ඒ වගේ උදාහරණ ඕනිතරම් ඔයගොල්ලොත් අත්විඳලා ඇතිනේ.
“කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි” කියලා අපේ උපහැරණයක් තියෙන්නේ මේ සම්භන්ධයෙන්ම තමයි.අපි ඒක අහලා තිබ්බට භාවිතයට ගන්නේ නැති එක තමයි අපේ වැරදි මත ගොඩකට හේතුව.ඇයි අපි මේ රැළි වලට ගහගෙන යන්නේ අපේ දෙපයින් නැගීසිටින්න ශක්තියක් තියෙද්දි.අපි හැමවිටම උත්සාහ කරමු අපේ බුද්ධියත් මෙහෙයවලා වැඩකරන්න.එක එකාට ඕනි විදිහට අපේ හැගීම් උලුප්පලා අපිව මෙහෙයවන්න ඉඩනොදී ඉමු.

දෙපයින් සිටගෙන බලන්න..ඔබ හිතනවාට වඩා ඔබට දුර පෙනේවි…

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to ඔබ ඉන්නෙත් ජනමාධ්‍ය තල් ගහක් යටද?

  1. පින්ග්කිරීම: ඔබ ඉන්නෙත් ජනමාධ්‍ය තල් ගහක් යටද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )