පාලක අඳෝනා කාට ඇහෙන්නද?

මේ රටේ පවතින විකාර රූපී දේශපාලනයට එක් වෙච්ච තව දෙයක්නෙ ඇමතිලා ප්‍රසිද්ධියේ තමන්ගේ අමාත්‍යාංශ වල දුර්වලතා,වැරදි,අඩුපාඩු විවේචනය කරන එක.ඇමතිවරු විතරක් නෙවෙයි මට ඇහුනා මහරජාත් මේ ළඟදි පාසලක තිබ්බ උත්සවයකට ඇවිත් “ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වැරැද්දක් තියෙනවා” කියලා කියනවා.ඊයේ පෙරේදා දවසක ඇමති තිස්ස විතාරණත් කියනවා ඒ අමාත්‍යාංශයට වෙන්කරන ප්‍රතිපාදන මදිලු නව නිපැයුම් තව දියුණු කරන්න.ඇමතිලා මාරුවෙච්ච දවස්වල මේගොල්ලො කලින් හිටපු ඇමතිට බැනපු හැටි මුලු රටම දැක්කනේ.

මට තියෙන ප්‍රශ්නේ මේකයි.රටේ මිනිස්සුන්ගේ ඡන්දයෙන් හැමදාම මේ දේශපාලන පරම්පරාවල එවුන්නේ ආණ්ඩු කරේ රටට පේන්න දෙකට බෙදිලා.(මට හිතෙන හැටියට මේ රටේ පරම්පරා දෙකයි ඉන්නේ.එකක් තමයි පාලක දේශපාලන පංතියයි,පාලිත පොදු ජනතාවයි )මුන් මෙච්චර කල් කරපුවයේ ප්‍රතිඵලනේ අපි විතරක් නෙවෙයි,අපේ අනාගත පරම්පරාවලුත් අත්විඳින්නේ.ඉතින් එහෙව් එකේ මුන්ව පත්කරලා තියෙන වැඩේ හරියට කරගන්න බැරි වුනානම් ඇයි මේ රටේ තොරතුරු බලාගන්න අපි ප්‍රවෘත්ති බලන එක මැද්දටත් පැනලා බාධා කරන්නේ?ආණ්ඩුවේ එවුන්ට ඡන්දෙ දෙනකනුත් වදේ ඡන්දෙ කාලෙට රූපවාහිනී බදු අරන් ඉන්නවා.ඡන්දෙ ඉවරවුනාම තව මාස 3ක් විතර යනකම් හැමදාම රෑ වෙද්දි මොකෙක් හරි ඇමතියෙක් ඇවිත් ජයග්‍රහණයේ පුරාජේරුව කියවනවා.ඒ මොකුත් නැති කාලෙට ඇවිත් පාලනයේ වැරදි අපිට කියනවා.රටේ මිනිස්සු ඡන්දෙ දීලා මොවුන්ව පත් කරන්නේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මදිවට තව පාලකයන්ගේ නොහැකියාවත් අහගන්නද මොවුන්ගෙම කටවල් වලින්.අපි නෙවෙයිනේ ප්‍රතිපාදන වෙන්කරන්නේ.අපි නෙවෙයිනේ අණ පණත් සම්මත කරලා ක්‍රම සම්පාදනය කරන්නේ.ඒකට නේද අපි මේ අයව පත්කරලා යවන්නේ?ඉතින් මේ අයට තමන්ට පවරපු වැඩේ හරියට කරන්න බැරිනම් කරන්න තියෙන්නේ තමන්ට කරන්න පුලුවන් වැඩක් කරගෙන පැත්තකට වෙලා ඉන්න එකනේ බැරි වැඩ බදාගන්නේ නැතුව.
සාමාන්‍ය මිනිස්සු වෙන අපිටනම් ලැජ්ජයි අපිට මේ වැඩේ කරන්න බෑ කියලා දිගින් දිගටම ප්‍රසිද්ධියේ කියන එක.ඒත් ඉතින් පාලකයන්ට………………….

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to පාලක අඳෝනා කාට ඇහෙන්නද?

  1. පින්ග්කිරීම: පාලක අඳෝනා කාට ඇහෙන්නද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )