නැතිකරමුද නිදහස…?

අපි නොදැනුවත්වම කෙරෙන වැඩක් ගැන තමා මම මේ කියන්න හදන්නේ.අපි නොහිතා කරන මේ දෙයින් අපේ හිතවන්තයන්ට අපහසුතා වලට ලක්වෙන්න සිද්දවෙන්න පුලුවන්.ඒ තමයි නොදන්වා නිතරම ඔවුන්ගේ නිවෙස්වලට යාම.මේක මිත්‍රයෝ වගේම නෑදෑයෝ අතිනුත් සිද්ධ වෙන දෙයක්.මේ කාර්යබහුල වැඩපිළිවෙලත් එක්ක අපි හැමෝටම විවේකය අඩුයිනේ.ඉතින් එහෙම විවේකයක් ලැබෙන දවසට අපි හැමෝම එදාටත් කළ යුතු වැඩකොටසක් ගැන සැලසුම් කරගන්නවනේ.

ඒක පුද්ගලයා අනුව ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා අනිවාර්යයෙන්ම.ඉතාමත් කාර්යබහුල සතියක් ගත කරන කෙනෙක්ගෙ අභිප්‍රාය හොඳ සැප පහසු නින්දක් ලබාගැනීම වෙන්න පුලුවන්.තව කෙනෙකුට තමන් ආශාකරන පොතක් කියවීම,ක්‍රීඩා වැඩසටහනක්,චිත්‍රපටයක් නැරඹීම,පවුලේ කට්ටිය එක්ක ගමනක යෙදීම,ගෙදර වැඩකටයුත්තක යෙදීම ආදී විවිධ දේ වෙන්න පුලුවන්.සමහර වෙලාවට සමහරු සති අන්තයේදී කාර්යබහුල වෙන්න පුලුවන් අනිත් දවස්වලට වඩා.ඒක තමයි ජීවිතේ හැටි.මම මේ කියන්න හදන්නේ අපි සමහරක් වෙලාවට හරි දක්ෂයි අනිත් අයගේ මේ විදිහට සැලසුම් කරලා තියෙන වැඩපිළිවෙල නාස්තිකරලා දාන්න.හැබැයි අපි හිතලාම නෙවෙයි මේ දේ කරන්නේ.අපි අනපේක්ෂිතව අන් අයගේ නිවෙස්වලට යෑම තුලින් ඒත් ඒ දේ සිද්ධ වෙනවා.ඇත්තටම අපිට මොනවද මේ ගැන කරන්න පුලුවන්.

කරන්න තියෙන හොඳම දේ තමයි අපි කාගෙහරි නිවසකට යන්න කලින් ඒ අයව දැනුවත් කරලා,ඒ අයට පහසුනම් පමණක් ඒ නිවසට යෑම.ඒ වගේම තමයි අනිත් අයටත් යුතුකමක් තියෙනවා තමන්ට ඒ දිනයේ වෙනකෙනෙකුගේ පැමිණීම කරදරයක් නම්,තමන්ගේ වැඩවලට බාධාවක්නම් ඒ බව නොසඟවා කාරුණිකව ඔවුන්ට ඒ බව පැහැදිලි කිරීම.මොකද අපි මිනිස්සු නිසා අපිට කතාකරල අදහස් හුවමාරු කරගන්න පුලුවන්නේ.ඒත් අපි ගොඩාක් වෙලාවට නොකරන්නෙත් මේ දේමනේ.අනිත් කෙනාගේ හිත රිදෙයි කියලා අපි කියන්න ඕනි දේ ඕනි වෙලාවට නොකියා ඉඳලා අපි හිත රිදෝගෙන හිතයටින් ඒ අයට බනිනවා.අපිට කටාකරන්න හොඳට පුලුවන් කම තියෙද්දි ඇයි අපි මේ කරදර විඳින්නේ?ඉතින් අපි හැමවෙලාවකම උත්සාහ ගනිමු අනිත් අයට කරදරයක් නොවෙන්න ඒ අයව මුනගැහෙන්න.තවත් සමහරු ඉන්නවා අනිත් අයගේ විශේෂ අවස්ථා වලදි එනවා උදවු කරන්න.ඒක බොහොම හොඳයි හැබැයි අනවශ්‍ය තරමට කට්ටිය එක්කගෙන අනවශ්‍ය කාලයක් රැදී ඉඳලා ඒ නිවැසියන්ටම කරදරයක් වෙනවා.මේවා අපිට අපි කරනකොට නොතේරුනාට අපිටම අත්විඳින්න වෙද්දි තමයි තේරෙන්නේ.
ඒ නිසා අපිම මේ ගැන පොඩ්ඩක් හිතලා බලමු නේද?තමන් තමන්ව උපමා කරගමු.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to නැතිකරමුද නිදහස…?

  1. පින්ග්කිරීම: නැතිකරමුද නිදහස…?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )