Megastar අතිසාර්ථකයි….කවුද නෑ කියන්නේ?

ශ්‍රී ලාංකිකයන්ට දැන් අලුත් ප්‍රශ්නයක් මතුව තිබේ.මගතොටේද කාර්යාලයේද නිවසේද කතා කරනුයේ මේ ගැනය.ඇත්තටම Megastar අවසන් තරගයේදී වුනේ මොකක්ද යන්න බොහෝ දෙනෙකුට දැඩි ප්‍රශ්නයක් බවට පත්වී ඇත.ඉතින් මේ වැඩසටහන නැරඹූවන්ද,නොනැරඹූවන්ද,මා වැනි වැඩසටහන නැරඹීම ප්‍රතික්ෂේප කරවුන්ද මේ ගැන කතා කිරීමට,අදහස් දැක්වීමට බහුල වශයෙන් පෙළෙඹී ඇත.එනයින් බලන කළ මේ වැඩසටහනට එය විකාශය වූ කාලයටත් වඩා ප්‍රසිද්ධියක් දැන් ලැබී ඇත.ඉදින් මේ වැඩසටහන අසාර්ථකයැයි කිව හැක්කේ කාහටද?මේ වැඩසටහනෙන් ඉෂ්ට වී ඇති කරුණු එකින් එක අපි පැහැදිලි කරගනිමු.
ප්‍රථමයෙන්ම රජයේ බාලම ඇමතිගේ සාර්ථකත්වය දෙස බලනු.(මා මේ වැඩසටහන ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන හේතුවක්වූයේද මේ වැනි ජඩයින්ගේ අමන කතා සතිපතා ඇසීමට තිබූ අකමැත්තයි.නමුත් නිවසේදී හා මගතොටේදී ඉදහිට මොහුගේ දෙපැත්ත කැපෙන අශීලාචාර වචන ශ්‍රවනය වුන බවද මෙහිදී කිවයුතුය. )මොහුගේ සියලුම ජඩවැඩ පසෙක දමා මොහුව සමාජ සම්මත තත්වයට පත් කෙරූයේ මේ වැඩසටහන තුලිනි.මොහු කෙලින් කතා කරන,අප්‍රමාන රසිකත්වයක් හිමි අයෙකු බව සමාජයට බලෙන් ඒත්තු ගැන්වූයේ අන් කවරෙක්ද?රටේ සිදුවුන දේශපාලන නාඩගම් වලට කෙලින්ම සම්භන්ධ පුද්ගලයකු වන මොහුගේ වැඩසටහන තුල කියන කට කැඩිච්ච කතා වලට හිනා වූයේ අපිමයි නේද?මොහුගේ ප්‍රසිද්ධියේ තරම පහුගිය මැතිවරණ ප්‍රතිඵල වලින් හොඳ හැටියට ඔප්පු වී ඇත.ඉතින් මෙය Megastar වල සාර්ථකත්වයක් නොවේද?
ඊළඟට අපි විපක්ෂය ගැන හිතුවොත් මොවුන්ගේ මන්ත්‍රීවරයා හා මන්ත්‍රීවරිය මැතිවරණයකදී වියදම් කළ ලබා ගතයුතු ප්‍රසිද්ධිය ඉබේම ලබාගෙන ඇත.ඊළඟ මැතිවරණයකදී වියදම් කපාහැරගෙන වැඩ කළ හැකිය.ටෙලිමන්ත්‍රීවරියටද තමන්ගේ පැනිල්ල නිසා අහිමිවීමට ගිය ජනතා ප්‍රසාදය රැක ගැනීමට හැකිවී ඇත.(දැන්නම් සිටිනුයේ ඇති හැකි අය අසල නිසා යළි ටෙලිනාටක වලින් මගදී හැළී යාමේ අවධානමෙන්ද මිදී ඇති නිසා ඇයට ඉතාමත් සතුටට පත් විය හැකිය.) ඉදින් මෙය සාර්ථකත්වයක් නොවේද?මේ එක් එක් දෙශපාලන න්‍යායපත්‍ර අතර මැද්දේ තමන්ගේ සැබෑ දක්ෂතාවය පෙන්නුම් කිරීමටද කිහිප දෙනෙකුට හෝ හැකියාව ලැබෙන්නට ඇතැයි මම සිතමි.මේ වැඩසටහන නැරඹූවන්ගේ අපේක්ශිත සාර්ථකත්වය එයනිසා යම්තරමකින් හෝ එය ඉටුවීමද සාර්ථකත්වයකි.
තවද ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් බවට පත්වී සිටින ගමන් නවකයින් ප්‍රසිද්ධිය සොයා යන මෙවැනි වැඩසටහනකට සහභාගී වී මඟදී ලොකු ඇඩ් එකක් දී තරගයෙන් ඉවත්වී,ඉන්පසු ජනමාධ්‍ය වලින් මෙම වැඩසටහනේ ගුණාත්මකබාවය විවේචනය කරන්නවුන්ද තමන්ගේ ප්‍රසිද්ධිය වැඩි කරගෙන තම අභිමතාර්ථ ඉටුකරගෙන ඇත.එයත් සාර්ථකත්වයක් නොවේද?
අපි මෙවැනි වැඩසටහන් ගැන හොඳින් තේරුම් ගත යුතුය.මේවාට ප්‍රසිද්ධ පුද්ගලයන් ගෙන්වාගන්නේ ඔවුන්ගේ ප්‍රසිද්ධිය රූපවාහිනී ආයතනයට තම වාසියට යොදාගැනීමටය.එමෙන්ම ඔවුන් මෙම වැඩසටහන් වලට සහභාගී වන්නේද තමන්ගේ ප්‍රසිද්ධිය වැඩිවර්ධනය කරගැන්මටය.මෙය නූතන සමාජයේ තවත් එක් විකිණීමක් මිස අන් කිසිවක් නොවෙයි.අවසන් තරගයේදී ගැටුමක් ඇතිවූවාද,ඇතිකළාද යන ප්‍රශ්නයට පිළිතුර ඇත්තේද මේ පුද්ගලයන් අතය.සාමාන්‍ය ජනතාව වන අපි ඒගැන තීරණ වලට එළඹීමට තරම් ඔවුන්ගේ වැඩවලට සමීප නැති බවයි මගේ අදහස.අපි සමීපයයි හිතා සිටියද මේ මාධ්‍ය වල සිදුවනදේ දැන ගැනීමට අපිට ඉවසීමෙන් අපේ මොළය පාවිච්චි කළ යුතුය.නැතහොත් මට අසන්නට සිදුවන්නේ ඔබ ඉන්නෙත් ජනමාධ්‍ය තල් ගහක් යටද?

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to Megastar අතිසාර්ථකයි….කවුද නෑ කියන්නේ?

  1. kavinda පවසයි:

    aniwa machan.but ape aya owata lassanata ahuwenawa.dan ballanna oyama me lipiya liwwane hmm |rolleyes|

  2. කරුමක්කාරයා පවසයි:

    හැබැයි මෙහෙම දෙයකුත් තියනවා. දයාසිරි ජයසේකර කියන්නේ ඉතාමත් හොඳ ගායන හැකියාවක් තියන කෙනෙක්. ඉතින් අවිවාදයෙන්ම අවසාන හතර දෙනා අතර හොඳම ගායකයා දායාසිරි කියන එක අද කවුරුත් පිලිගන්නවා. ඒ වගේම අජිත් වීරසිංහ කියන්නේ හොඳ ව්‍යාපාරිකයෙක්ලු. (ගායන හැකියාව ගැන කතා කිරීමෙන් පලක් නැත) මම හිතන්නේ නෑ දයාසිරිට මෙගා ස්ටාර් වැඩසටහනට පෙනී ඉදල අමුතුවෙන් ඇති කරගන්න තරම් ජනප්‍රියත්වයක් අවශ්‍යයි කියල. පසුගිය මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රථිපල දෙස බලන විට ඒක පේනව. කොහොම වුනත් ස්වර්ණවාහිණිය ඉතිහාස ගතවන නෑමක් නාල මෙගා ස්ටාර් ඉවර කලා.

  3. පින්ග්කිරීම: Megastar අතිසාර්ථකයි….කවුද නෑ කියන්නේ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )