ජාතික ගීය ගීතයක්ද?

දැන් බොහෝ ආයතන වල(විශේෂයෙන්ම රජයේ ආයතන )හැමදාම වගේ උදේට ජාතික ගීය වාදනය කරන්න පටන් අරන්නේ.මට නම් හිතෙන්නේ ඇත්තටම මේක හොඳ දෙයක් කියලයි.අපි අපේ ජාතික උරුමයන් ගැන ආඩම්බර වෙන්න ඕනි වගේම ඒවා අපිට හැම අවස්තාවකම මතක් කරගන්නත් ඕනිනේ.

ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ජාතික ගීය වාදනය වෙද්දි අපේ හැසිරීම කොහොම වෙන්න ඕනිද කියලා අපිට තාම හරි අවබෝධයක් නැති එකයි.මට මතකයි අපිට පාසල තුලදි උගන්නලා තියෙනවා ජාතික ගීය වාදනය වෙනකොට සීරුවෙන් හිටගෙන ගායනය කරන්න කියලා.අපි දැනුත් ජාතික ගීය වාදනය වෙන වෙලාවල් වලදි සීරුවෙන් හිට ගන්නවනම් තමයි.හැබැයි අපිට ඊළඟ කොටස අමතක වෙනවා.ඒකියන්නේ ජාතික ගීය කියන්නේ සමූහ ගායනයක් මිසක් අනෙකුත් ගීතයක් වගේ අහගෙන ඉන්න එකක් නෙමෙයි කියලා.මේක මම ඕනි තරම් අත්දකිනවා කාර්යාලය තුළදි.පඹයෝ හිටවලා තිබ්බා වගේ ඉන්න එක නෙමෙයි නේද අපි කරන්න ඕනි ජාතික ගීය ශ්‍රවණය වෙද්දි?

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

5 Responses to ජාතික ගීය ගීතයක්ද?

  1. බුධාජීව පවසයි:

    ජාතික ගීය හැම ආයතනයකම හැම උදෑසනම වාදනය කරන එක විකාර වැඩක්. ජාතික ගීය හැමදාම හැමතැනම කියන එකක් නොවී යම් ගෞරවයක් ඇතිව විශේෂ අවස්ථා වල වාදනය කරන්නක් විය යුතුයි. හැමදාම ඕක දානකොට වෙන්නේ ඒක සාමාන්‍යකරණය වෙලා, හැමදාම උදේට හිටගෙන මේක කියන්න මේක මල වදයක් කියලා හිතිලා, ජාතික ගීයට තියන ගෞරවය අඩු වීම.

    • MLS පවසයි:

      දැනටම අපේ මිනිස්සුන්ට ඒක වධයක් වෙලා තමා තියෙන්නේ.මටනම් හිතෙන හැටියට අපි මීට වඩා අපේ ජාතික උරුමයන් ගැන සංවේදී වෙන්න ඕනි.විශේෂ අවස්තා කියලා ගොඩාක් වෙලාවට කෙරෙන්නේ කට්ටිය එකතුකරන් බොරුවට කාලේ නාස්තිකිරීමක් විතරනේ.ජාතික ගීයට තියන ගෞරවය මොන අවස්තාවෙදිවත් අපි නැතිකරගන්න හොඳ නැහැ ඉඳලා හිටලා ඇහුනත් හැමදාම ඇහුනත්.තමන්ගේ ජාතික උරුමයක් වෙනුවෙන් දවසකට විනාඩි 5ක් වෙන්කරන්න බැරි තරම් කාර්යබහුල,කාර්යක්ෂම මිනිස්සු මේ රටේ නැහැ.
      ස්තූතියි ප්‍රතිචාරයට..

  2. පින්ග්කිරීම: ජාතික ගීය ගීතයක්ද?

  3. නිශාන්ත පවසයි:

    මට තියෙනව ඔය ගැන මෙහෙම අත්දැකීමක්….අපේ
    අපේ ඔෆිස් එකෙත් උදේට වැඩ පටන් ගන්නෙ ජාතික ගීය හැමෝටම ඇහෙන්න ප්‍රචාරය කරල. අපේ ඔෆිස් එකේ වැඩකරන කීපදෙනෙක් උදේට කන්න පටන් ගන්නෙ ජාතික ගීය යන වෙලාවට….ජාතික ගීය යන වෙලාවට එයාල නැගිටින්නෙ වත් නැ….ඇහෙන්නෙ නෑ වගේ කෑම කනව…මේක බලා ඉන්න බැරිම තැන මමත් ගිහින් පණ්ඩිතය වගේ කිව්ව ජාතික ගීය වාදනය වෙද්දි නැගිටින්න..ඒක‍ට ගරු කරන්න කියල..මෙන්න බොලේ ඒ කට්ටිය මගේ ඇඟට කඩන් පැන්න…ඔක්කොටම කලින් ජීවත් වෙලා ඉන්න ඕන…ජීවත් වෙන්න නම් කන්න ඕන…ඒක නිසා කැමට ගරුකරන තරම් ජාතික ගීයට ගරු කරන්න ඕන නැ….අනික ජාතියක ගීයට ගරු කරන එක හිතෙනුත් කරන් පුළුවන් කියල…මොනව කරන්නද මෙහෙම මෝඩයො එක්ක කථා කරල කරන වැඩක් නෑනෙ…කියල හිත හදා ගෙන ආපහු ආව….ඔන්න ඔය වගේ මිනිස්සු ඉන්න රටක අපි ජීවත් වෙන්නෙ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )