අපි කතාකරමු….හරියට

ඉතින් අපි කතාකරමු මාතෘකාවේ විදිහටම කතාකිරීම ගැන.ඇත්තටම මිනිස්සු නිරායසයෙන්ම කරන දෙයක් ගැන තව මොනවද බ්ලොග් එකකිනුත් කියන්නේ කියලා හිතෙනවත් ඇති සමහරක් අයට.ඒකයි මම මාතෘකාවේ අගට විශේෂණයක් එකතුකළේ මම ලියන දේ ගැන යම් අදහසක් ලබාදෙන්න.බොහෝමයක් අවස්ථාවලදි වගේම මම අදත් උත්සාහ කරන්නේ අපි බොහොම දෙනා අතින් බහුල වශයෙන් වෙන අඩුපාඩුවක් පෙන්නලා දෙන්න.එහෙම නැත්තම් මම මෙහෙම කිව්වොත් මෙයා මෙහෙම හිතයි,මේ අය මං ගැන වැරදියට හිතයි ආදී වශයෙන් විවිධ පූර්ව උපකල්පන වලට එළඹිලා කිව යුතු දේත් නොකියා ඉන්නවා.මේ දේවල් අපිට එදිනෙදා ජීවිතයෙදි ඕනි තරම් අත්දකින්න ලැබෙනවා තමන්ගේ සමීපතමයින්,මිතුරන් වගේම නන්නාදුනන අය අතරෙදිත්.අපි මුලින් තේරුම් ගන්න ඕනි ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි කියලා.ඉතින් අපි ඇයි මේ කාලය තුළ හිතේ සතුට නැතිකරගන්නේ අපේම වැඩනිසා.

ඒක තමයි අපි හරියට හරිතැනදි කතා නොකිරීම.බැලුවහම හරි සරල දෙයක් වගේ පෙනුනට අපි මේක හරියට නොකරන නිසා අපිට වගේම අන් අයටත් එක එක විදිහේ දුෂ්කරතා ඇතිවෙන්න පුලුවන් කාටත් නොදැනීම.අපි දැන් මේ ගැන තවත් කතාකරමුකෝ අපේ ජීවිතයට අදාළ කරගෙන.මිනිස්සුන්ගේ බොහොම වටිනා අංගයක් තමා කතාව කියන්නේ.පොඩි එකෙක් ඉපදුනදා ඉදලම උත්සාහ කරලා බහ තෝරන වියේදි වචන ගලප ගලපා කියන කොට දෙමව්පියෝ කොයිතරම් සතුටුවෙනවද.කොයිතරම් නම් ආඩම්බරයෙන් අනිත් අයත් එක්කත් සතුට බෙදාගන්නවද ඒ ගැන කියලා.ඒත් අපිම හිතලා බලමු අපි හරියට කතා කරනවද කියලා.මිනිසෙකුට තව මිනිසෙක් එක්ක අදහස් හුවමාරු කරගන්න තියන හොඳම ක්‍රමයනේ කතාව.ඒත් අපි ගොඩදෙනෙක් ඒ කතාව යොදාගන්නේ හරි විදිහට නෙමෙයි.අපි සමහරවෙලාවට කතාකරද්දි මොළය පාවිච්චි කරන්නෙම නෑ.සමහරවෙලාවට පාවිච්චි කරනවා වැඩියි.ඒ කියන්නේ අපි සමහර අවස්ථාවලදි ඔහේ කටට එන එකක් කියනවා අනිත් අයගේ හැගීම් ගැනවත්,ඉන්න තැනවත් ගැන නොසිතා.අපි බැරි දේට බෑ කියන්න පුරුදුවෙන්න ඕනි.එහෙම නැතුව අනිත් කෙනාගේ හිත සතුටු කරන්න කියලා පොරොන්දු වෙලා ඒක ඉෂ්ට කරගන්න බැරුව අපි මතම පීඩනයක් ඇතිකරගන්නෙ මොකටද?බෑ කියලා එක පාරටම බැරිනම් හෙමින්සීරුවේ හරි තේරුම් කරලා දෙන්න ඕනි.මොකද එහෙම නැත්තම් දෙපාර්ශවයම අපහසුතාවට පත්වෙනවා.කාර්යාලයේදී අපි කාර්යබහුල වෙලාවක අපේ ප්‍රධානියෙක් වුනත් ඇවිත් තව වැඩක් කරන්න කිව්වොත් අපි බෑ කිව්වොත් වෙන කෙනෙකුට හරි දීලා ඒ වැඩේ කරගන්න අවස්ථාව අපි ලබලා දෙනවනේ.ප්‍රධානියාගේ දොස් අහන්නවෙයි කියලා බෑ නොකියා වැඩේ බාර අරන් කරගන්න බැරි වුනාම ඊට වඩා දොස් අහන්න ලැබෙනවානේ නේද?

වැඩේ බාර අරන් තැන් තැන් වල විවේචනය කළාට වැඩක් නැහැ කියන්න ඕනි වෙලාවෙදි ඒගැන නොකියා.බස් එකේ යද්දි ළඟ ඉන්න කෙනා වීදුරුව ඇරගෙන යන එක තමන්ට කරදරයක් නම් අපි කරන්නේ හිතින් බැන බැන යන එක මිසක් ඒකෙනාට ඒක කියන එක නිසානේ.ඉතින් ඒ මනුස්සයත් තමන්ගෙන් අනුන්ට කරදරයක් වෙනවා කියලා නොදැන ඔහේ පාඩුවේ යයි.අපිත් ඉතින් අනේ මදි නොකියන්න බරක් ඔලුවේ තියන් යයි.(මම කියන්නේ නෑ අපි කතාකරලා කිව්වා කියලා හැමෝම අපි ගැන බලයි කියලා.ඒත් ඒ ඉන්නෙත් මනුස්සප්‍රාණියෙක් නිසා අපිට උත්සාහයක් අරන් බලන්න පුලුවන්නේ.)අපි ප්‍රශ්න හිතේ තියන් පැසව පැසව ඉඳලා ඒක පිටකරනකොට ඒ ප්‍රශ්නේ වෙනම විදිහකට බරපතල අර්බුදයක් විදිහට එළි දකින්නත් පුලුවන්.පොඩි වරදවා වටහා ගැනීමක් ගැන අපි එවෙලෙම අහලා බැලුවෙ නැත්තම් කාලයක් ගියාට පස්සේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්න පුලුවන්.

මම මූලිකවම කියන්න හදන්නේ මේකයි.අපි කතාකරනකොට මොළයත් පාවිච්චි කරලා හරි තැනදි හරි විදිහට කතාකරමු.හරි අවස්තාවේදී හරි පුද්ගලයාගෙන් හරි ප්‍රශ්නේ අහමු.සමහරවිට ඒක කටුක යථාර්තයක් වෙන්න පුලුවන්.ඒත් අපේ වචන භාවිතයෙන් අපිට ඒක පැහැදිලි කරලාදෙන්න පුලුවන් කියලයි මම විශ්වාස කරන්නේ.
ඉතින් අපි කතා කරමු…….

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to අපි කතාකරමු….හරියට

  1. පින්ග්කිරීම: අපි කතාකරමු….හරියට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )