Mathews එක්ක මොකද මේ කරන්නේ?

අන්තර් මෝසම් වර්ෂාවත් එක්කම ඔන්න අපේ ජනප්‍රිය ක්‍රීඩාවේ තරඟ දෙකකුත් ජය පරාජයෙන් තොරවම ගෙවිලා ගියානේ.අපේ කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ සංයුතිය වෙනස් කරමින් අත්හදා බැලීමුත් එක්ක ඒ තරඟ දෙකේ අපේ අයගේ තිබ්බේ මිශ්‍ර දක්ෂතානේ.ඒකට පන්දු යවන්නෝ වගේම පිතිකරුවොත් අනිවාර්යයෙන්ම වගකියන්න ඕනිනේ.ඒත් මට තියෙන ප්‍රශ්නේ අපේ ක්‍රිකට් බළධාරීන් වෙනදා කරනවා වගේම ආයෙත් අපේ නැගී එන තරුණ ක්‍රීඩයෙක්ගේ අනාගතය එක්ක සෙල්ලම් කරනවද කියලා.මම මේ කියන්නේ Angelo Mathews ගැන.

Mathews කියන්නේ අපේ කණ්ඩායමට එකතුවුන තරුණ ක්‍රීඩකයන්ගෙන් ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකය කියන එකට කිසිම විවාදයක් නැහැනේ.ඒ වගේම කණ්ඩායමේ ඉන්න හොඳම තුන්-ඉරියවු ක්‍රීඩකයනේ.ඔහුත් හැමතැනදිම කියන්නේ ඔහුට ඕනේ හොඳම තුන්-ඉරියවු ක්‍රීඩකයෙක්(pure allrounder) වෙන්න මිසක් නැතුව Batting allrounder කෙනෙක්වත් Bowling allrounder කෙනෙක්වත් නෙමෙයි කියලා.ඒත් මේ තරඟ දෙක දිහා බලද්දි හොඳට පේනවා ඒක ඒ ආකාරයෙන් වෙන්නේ නෑ කියලා.ඔහු මේ තරඟ දෙකේ ක්‍රීඩා කළේ පිටිකරුවෙක් විදිහට විතරයි.ඔහුගේ තිබෙන ආබාධ තත්වයක් හේතුවෙන් ඔහුට පන්දුයවන්න බැරිවුනා වෙනදා වගේ.මේ තරඟ දෙකේදිම ඔහු යැව්වේ පන්දුවාර 5ක් විතරනේ.ඒ වගේම ඔහු පිතිකරුවෙක් විදිහටත් සාර්ථක වුනේ නැහැ.(ඉනිම 3කදීම ලකුණු 57ක් විතරයී) අපේ කණ්ඩායමට ඕනි තුන්-ඉරියවු ක්‍රීඩකයෙක්නම් ඇයි මේ ආබාධයකුත් එක්ක මොහුව ක්‍රීඩාකරවන්නේ කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.ඔහුගේ ආබාධය සුවවෙන්න ඉඩදීලා වෙන තුන්-ඉරියවු ක්‍රීඩකයෙක්ව යෙදෙව්වනම් අපේ පන්දු යැවීම තව ශක්තිමත් වෙනවනේ.

ඒ වගෙම මාලින්ගව විවේක ගැන්නුවනම් ලෝක කුසලානය වෙනුවෙන්(නැත්තම් අපි රට වටේ forward කරලා ආතල් එකක් ගත්ත videoclipඑකෙ භාවිතා කරපු වචන නිසා හරි කණ්ඩායමෙන් අයින් කළානම්) ඇයි මොහුගේ ආබාධය සුව වෙනකම් ඉවසන්න බැරි.තව තරුණ ක්‍රීඩකයෙකුට අවස්ථාව දීලා අපිට තුන්-ඉරියවු ක්‍රීඩක ස්ථානයට තරඟයක් ඇතිකරලා හොඳම ප්‍රතිඵල නෙලාගන්න පුලුවන්නේ.නැතුව මුරලි වම් අත වෙලාගෙන 2002දී එංගලන්තෙදි පන්දු යැව්ව විදිහට තව ක්‍රීඩකයෙක්ව පත් කරන්න ඕනි නෑනෙ නේද?තිලාන් තුෂාර වගේ තුන්-ඉරියව්වෙන් යම් තරමකට දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක්ව දැන් පන්දු යවන්නෙක් බවටම පත් කළෙත් අපේම ක්‍රිකට් බළධාරීන්මනේ.ඉතින් අන්න ඒ දේම මැතිව්ස්ටත් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to Mathews එක්ක මොකද මේ කරන්නේ?

  1. පින්ග්කිරීම: Mathews එක්ක මොකද මේ කරන්නේ?

  2. Chethiya පවසයි:

    මහරෑෆ්ට වුනදේ මැතිව්ස්ටත් වෙයිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )