අවුරුදු උදානය…

සිංහල අලුත් අවුරුද්දත් ඔන්න ගෙවීගෙන යනවා.තාම නෑගම් යන අය වගේම අපි වගේ රාජකාරි කටයුතු පටන් ගත්ත අයත් ඉන්නවනේ.කම්මැලි රාජ්‍ය සේවකයින් විසින් තනා දුන් ළිදෙන් අපි නාගන්නවා.තේරෙන භාෂාවෙන් කියනවනම් රාජ්‍ය සේවක ඉල්ලීම මත මෝඩ පාලකයින් ලබාදුන් නිවාඩු දවසෙ අපි රාජකාරියට වාර්තාකරලා අතිකාල දීමනාවකුත් ලබගන්නවා.බලන්නකෝ නේද අනුන්ගෙ පහනකින් අපි නොදැනුවත්වම එළිය ලබාගත්ත හැටි.අනේ ඉතින් අපිටත් මොකද?අද නිවාඩු ගන්න ඕනි පුද්ගලයා කොහොමත් නිවාඩුවක් ගන්නවනේ තමන්ට හිමි පෞද්ගලික නිවාඩු වලින් හරි.අත්‍යාවශ්‍ය රාජකාරී වල නියුතු වූවන් කොහොමත් රාජකාරියට වාර්තා කරනවනේ.මටනම් හිතෙන විදිහට ඒකට ආණ්ඩුවේ මැදිහත්වීම අනවශ්‍යයි.වෙන කරන වැඩක් නැතිනිසා වෙන්නැති ඔයවගේ අනවශ්‍ය තීරණ ගන්නේ.
ඊයේ කොහොමද නැකත් වලට ගනුදෙනු කිරීමත්.මිනිස්සු චාරිත්‍ර අමතක කරලා බැංකුවලට දුවනවා පැය ගනන් පෝළිමේ ඉඳලා තෑගි අරන් එන්න.ඒකෙන් වුනේ වෙනදට එන අසැල්වැසියන් ටික දෙනාවත් නාපු එකයි.බැංකුවල රාජකාරී කරපු කට්ටියටනම්…අනේ අපොයි කියන්න තමයි වෙන්නේ.අද ඔය බැංකු ගනුදෙනු පටන්ගත්තනම් ඉවරයිනේ.තමන්ගේ සේවකයින්ටයි,ගනුදෙනුකරුවන්ටයි වද නොදී.

කොහොමෙන් කොහොම හරි ජනවාරි 1 වෙනිදා හිතට ගත්ත කාරණා කීපයක් තවදුරටත් හිතේ ධාරණය කරගත්තා මම.
-හැම ක්‍රියාවකදිම නීතිගරුක වීමට උපරිම උත්සාහ දරමි.
-රාජකාරී ගැටලු පුද්ගලික කර නොගැනීමටත්,පුද්ගලික ගැටලු රාජකාරියට බාධාවක් වීමටද නොදී සිටිමි.
-උදවු අවශ්‍ය අයට උදවු කරන නමුත් කෙනෙකුගේ නොසැලකිල්ල හේතුවෙන් ඉල්ලන උදවු මග හරිමි.
-හැකිතාක් සරළව ජීවත් වීමට උත්සාහ දරමි.

-කරන හැම වැඩකටම අවංක වෙමි.
-කරන හැම ක්‍රියාවකින්ම ජීවිතේ විදීමට උත්සාහ දරමි.

මේ තාක් දුරටත් මගේ ජීවිතය තුළ ඔය දේවල් සාර්ථක කරගත්තා වගේම ඉදිරියත් ඒ දේ කරගන්න පුලුවන් කියලා මම දන්නවා වගේම මම ඒකට උත්සාහ ගන්නවාමයි.

ඉතින් ඔබ සැමට සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා!

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to අවුරුදු උදානය…

  1. පින්ග්කිරීම: අවුරුදු උදානය…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )