ශ්‍රී ලාංකිකයෝ බහුතරය කුම්භ හා කටක ලග්න හිමියෝය..

අපේ මිනිස්සුන්ගේ (මිනිස්සු කිව්වට හෝමෝසේපියන් සේපියන්ස්ලා) චර්යා රටාව අධ්‍යයනය කරනකොට තමා මම මෙහෙම නිගමනයකට ආවේ.එකක් තමයි කම්මැලිකම.අනික තමා
කෙලින් යන්නේ නැතුව ඇදේටම යෑම.ටිකක් කල්පනාකරලා බලමුද මොකක්ද මේ කියන්නේ කියලා.
අපි ගොඩක් වෙලාවකට ඕනිම දෙයක් පටන්ගන්න කලින් ලතවෙවී ඉන්නවා සෑහෙන වෙලා.ඒක ලොකුම වැඩක් වෙන්න ඕනිම නෑ.එදිනෙදා කරන සාමාන්‍ය දේකදි වුනත් පොදුයි.කට්ටියක් එක්කතුවෙලා ගමනක් යන්න ගියත් හා යමු යමු කියනවා මිසක් කවුරුවත් මුල් වෙන්නෙ නෑ වැඩේට.හැබැයි කවුරු හරි පටන් ගත්තොත් සහයෝගය නම් දෙනවා.මටනම් හිතෙන්නේ අපි මේ වගේ පොඩි දේවල් වලදි වුනත් කාලය නාස්තිකරනවා හරියට.පටන්ගන්න ලතවෙවී ඉඳලා ඊට පස්සේ පරක්කු වුනා කියලා කලබලේ.අපි අපිම හිතලා බලමු මේ ගැන.බස් එකට නැග්ගොත් නැග්ග තැනම ඉන්නවා,බස් එකෙන් බැස්සත් එහෙමමයි.ඊළඟ පියවරට යන්නේ නැතුව ඔහේ බලාගෙන ඉන්නවා කවුරුහරි කියනකම්ම.අපි හිතලා වැඩ කරනවනම් අපි මොකටද කාගෙන්වත් කතා අහගන්නේ නේද?මම මේ බොහොම සරල උදාහරණ වලින් පෙන්නුම් කලේ එදිනෙදා අපි කුම්භකරනයෝ වෙනහැටි.ඊලඟට අපි පාරේ අවිඩිනවිදිහ,පාර මාරුවෙන විදිහ බැලුවහම අපි කොච්චර ඇදේටද යන්නෙ කියලා.සරල රේඛාවක ගමන් කිරීම තමයි කෙටිම මග කියලා අපි දන්නේ නැතිහැටි.පිටකොටුවේ පදික කඩ අයින් කරාට පස්සේ දැන් ඇවිදන් යනකොට තියෙන ලොකුම ගැටලුව තමා හෝමෝසේපියන් සේපියන්ස්ලා හැම අතටම ඇවිද ඇවිද එන එක.අපිත් ඉතින් සිග්-සැග් ක්‍රමයට ගියේ නැත්තම් එකිනෙකා ගැටෙන්න තමා වෙන්නේ.කහ ඉරකින් පාර මාරුවුනත් කහඉර දිගේ ටික දුරක් ගිහින් ඊට පස්සේ තමන්ට යන්න ඕනි දිශාව අනුව මහ පාර දිගේ තමා යන්නේ.ඉතින් බලනකොට අපිට පාර මාරුවෙන්න කහඉර වගේ දෙතුන් ගුණයක් ඉඩ ඕනි.

සැළකිය යුතුයි:මම මේ ලග්න දෙක ආශ්‍රය කරගෙන මේක ලිව්වට මේ ලග්න හිමියෝ අමනාප නොවෙත්වා!

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to ශ්‍රී ලාංකිකයෝ බහුතරය කුම්භ හා කටක ලග්න හිමියෝය..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )