අහෝ අපේ තරුණ ජීවිත……

උදේම නැගිටලා රාජකාරියට යන්න සැරසෙන අතරේ අනුන්ගේ කටහඬින් දවසේ පත්තරවල වාර්තාවෙලා තියෙන අපරාධ,දේශපාලුවන්ගෙයි,උන්ටකඩේ යන එවුන්ගෙයි විකාර කතා වල සාරාංශය අහගෙන ගෙයින් එලියට බැහැලා බස් එකේ රේඩියෝ එකෙන් බැනුම්ගල අහගෙන උදෙන්ම රටේ වැරදි ගැන හිතලා හිත ඔද්දල් කරගෙන රාජකාරියට ඇවිත් පැය ගාන ගෙවනකම් වැඩකරලා වෙලාතියනවනම් facebook එකට එබිලා මූනිච්චාවට සුබපැතුම් ටිකක් දාලා චක්‍රය වගේ කැරකෙන e-mail ටිකක් ෆොර්වර්ඩ් කරලා  බස් එකේ යනගමන් FM එකකින් අපරාධයක් රහකරලා අහගෙන ගෙදර ගිහින් රටේ වෙච්ච සියලු අපරධයි,චාටර්ම කතා ටිකයි කියන ප්‍රවෘත්ති පොඩ්ඩක් අහගෙන නළු-නිළියො යයි කියාගන්න නිරූපණ ශිල්පීන් කන බොන ඇවිදින හැටි පෙන්නන මෙගා නාටක ටිකක් බලලා නින්දට වැටෙන මෙලෝ රහක් නැති අහෝ අපේ තරුණ ජීවිත.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

5 Responses to අහෝ අපේ තරුණ ජීවිත……

  1. Nadun Dissanayake පවසයි:

    ඒක ඇත්ත. ඒත් මේ පීඩනයෙන් මිදෙන්න මියුසිකල් එකක් බලලා, කරටි කැඩෙන්න නටලා, නිවාඩු දවසට හොඳ පොතක් පතක් කියවලා, එක්කෝ පන්සලකට පල්ලියකට ගිහින් නිදහසේ වාඩි වෙලා ඉඳලා..etc
    කොච්චර දේවල් තියනවද ? ජීවිතේ කියන දේ ලස්සන කරගන්න. ඒක තමන්ගේ හිතට බරක් පීඩනයක් කරගන්න එපා.
    ජීවිතේ විඳින්න.. විඳවන්න එපා !

    • MLS පවසයි:

      මම මේ ලිව්වේ පොදුවේ අපි නොදැනුවත්වම වෙන දේ.පීඩනයට හේතුව බොහෝ දෙනෙකුට වැටහීමක් නෑ.ඒකෙන් මිදෙන්න ඕනි කියලා අවබෝධයක්වත් නෑ බොහෝ දෙනෙකුට.ඒක ගැනයි තවත් දුක හිතෙන්නෙ.සහයෝගයට ස්තූතියි!අනිවාර්යයෙන්ම අපි ජීවිතය විදිය යුතුමයි.

  2. arunishapiro පවසයි:

    චෛතසික ස්වභාවය වෙනස් කරගන්න ධනාත්මක චින්තනය වහාම අවශ්‍ය වී ඇතැයි සිතෙනවා. අහෝ එහෙත් එයත් අවුල් කර සිංහලෙන් උගන්වන අය වැඩි නිසා කුමක් කරමු ද?!!

  3. MLS පවසයි:

    ජීවිතය විඳවීමකින් තොරව විදින්නේ නම්,තම හිතට සතුටක් සැහැල්ලුවක් ගෙනෙන කාර්යයක විනෝදාංශයක යෙදෙන්නේ නම්, තම නුවණ මෙහෙයවා තමන්ගේ කාර්යයන් තමන්ට අවැසි අකාරයට අනුන්ට කරදරයක් නොවෙන ආකාරයෙන් කරගත හැකි නම් මේ පීඩනයෙන් මිදීමට හැකිවෙතයි මගේ විශ්වාසයයි.සහයෝගයට ස්තූතියි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )