නිල්,කොල,රතු නෙවේ අපි අළු පාටයි….

ඔන්න අපේ පැත්තෙනම් ආයෙත් ඡන්ද උණුසුම.අපි අයිති ගම්පහ මහනගර සභාවටනේ.ඉතින් ඒකේ ඡන්දෙ මෙච්චර කල් නොතියා ඉඳලා 8 වෙනිදට තියෙනවා.මම මෙච්චරකල් ඉන්දියාවේ ද්‍රවිඩ චිත්‍රපටිවල විතරක් දැකපු දේවල් හැබැහිනුත් දකින්න පුලුවන් මේ දවස්වල.එක නගරාධිපති අපේක්ෂකයෙක් ගෙවතු වගාවට පැළ,පොහොර බෙදනවා.තවකෙනෙක් නොමිලේ වෛද්‍ය සායන,ඇස් කණ්ණාඩි,පන්සලේ සිල් ගන්න අයට සිල් රෙදි බෙදනවා.තව රු:2000ක බඩු මලුත් ලැබෙනවා.අපේ මිනිස්සුත් ඉතින් අනේ පාට,පක්ෂ බේදයකින් තොරව මේ හැමදේම අරගෙන හැමෝටම මනාප තුනම දෙන්නත් පොරොන්දු වෙනවා.ඇයි ඉතින් අපේක්ෂකයින්ගේ හැටියට දායකයොත් හැඩගැහෙන්න ඕනිනේ.මෙච්චර කාලෙකට අපේ පැත්තේ නොතිබ්බ මේ තෑගි බෙදීම් දැක්කහම මට හිතෙන්නේ අපේ දේශපාලන ක්‍රමය කොච්චර නම් පිරිහෙනවද කියලයි තව දුරටත්.

මම මේ ටික ලිව්වේ මිනිස්සු මේ දවස් වල අපේ මිනිස්සු තමන්ගේ පාට කියලා හිතන් ඉන්නේ දේශපාලන පක්ෂවල පාටනේ.ඒත් ඇත්තටම අපේ පාට වෙන්නේ ඔය පක්ෂවල පාටවත්,අපේ හමේ වර්ණයවත් නෙමෙයි.අපේ ඇත්ත පාට තියෙන්නේ අපේ හිතේ.ඒ පාට පිරිසිදු සුදු පාටවත්,දුෂ්ටයි කියලා කියන කලු පාටවත් නෙවෙයි ඒ දෙක අඩුවැඩි වශයෙන් මිශ්‍ර වෙච්ච අලුපාටක් කියලයි මට හිතෙන්නේ.එක් එක් පුද්ගලයා අනුව ඒ පාට සුදු පාටට ආසන්න වෙන්නත් පුලුවන්,කලු පාටට ආසන්න වෙන්නත් පුලුවන්.මොකද අපි කවුරුවත් 100% හොඳත් නෑ නරකත් නෑ.ඒත් අපිට හුඟක් වෙලාවට මතක තියෙන්නේ අනිත් අයගේ නරක විතරයි.ඒ මතකය අනුව අපි හිතෙන් ලේබල් කරගෙන ඉන්නවා මේ පුද්ගලයා නරකයි කියලා.ඒත් ඕනිම නරකයි කියලා හිතන පුද්ගලයකුගේ වුනත් හොඳ ගතිගුණ තියෙනවා වගේම හොඳයි හිතන කෙනෙක් ගාව වුනත් නරක ගතිගුණ තියෙන්න පුලුවන්.ඒක තමයි මිනිස් ස්වභාවය.අපි ඒ දේ හරියට තේරුම් ගත්තොත් එදිනෙදා ඇතිවෙන ගොඩාක් ගැටලු නිරාකරනය කරගන්න පුලුවන්.කතාවක් තියෙනවනේ කියන තරම් යකා කලු නෑ කියලා.ඒවගේම තමයි කියන තරම් දෙවියෝ සුදුත් නෑ කියන එක අපි තේරුම් ගන්න ඕනි.අනිත් මිනිස්සුන්ව වර්ග කරනවාට වඩා තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ.

අපි පුලුවන් තරම් උත්සාහ කරමු අලුපාට සුදු පාටට තවත් ආසන්න කරගන්න.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )