අපේ දහඩිය හා ගෝලීය උෂ්ණත්වය ඉහල යාම

දැන් වසර ගනනාවක සිටම ලෝක ප්‍රජාව අතර සාකච්ඡාවට බදුන් වන මාතෘකා අතර ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට ප්‍රධාන තැනක් හිමිවෙලානේ තියෙන්නෙ.ඒක ගැන සාමාන්‍ය මිනිස්සුද,ලෝක නායකයොද,පරිසර සංවිධානද,ආගමික නායකයොද ආදී වශයෙන් ගොඩාක් දෙනා සාකච්ඡා,සම්මන්ත්‍රණ,ප්‍රඥප්ති,අණපණත් ආදී දේ කාලෙන් කාලෙට ගෙන එමින් විවිධ වූ දේවල් කරනවා.ඒත් ඒ ගොඩාක් දේවල් අපිට දැනෙන තරමට සනීප නෑනේ.කොච්චර අපිට කීවත් වායු සමීකරණ පාවිච්චිය අඩුකරන්න,විදුලිබලය පිරිමහින්න (මොකද දැන් අපේ රටේ වැඩිපුර භාවිතා වෙන්නේ ජලවිදුලිය නෙවෙයිනේ) අපි ඒවාට ඒතරම්ම සංවේදී නෑනේ.අපිට ඒවායේ ප්‍රතිපල සෘජුව දැනෙන්නේ නැතිනිසා අපිට කිසිම ගානක් නෑ.ඒක ඉතින් මිනිස්සුන්ගේ හැටිනේ.
හැබැයි මේ දවස්වල පාරට බැස්සහම නම් මං හිතන්නේ ගොඩාක් දෙනෙකුට මේ කාරණය සංවේදී වෙයි කියලයි.හැමෝගෙම කටේ තියෙන්නේ මේ රස්නේ ඉවසන්න බෑ කියලනේ.අපේ රටේ විතරක් නෙමෙයි මේ කාරණය අනෙකුත් රට වලටත් බලපාලනේ.එක්සත් රාජධානියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 දක්වා ඉහළ ගිහිල්ලා අවුරුදු 100කට පස්සේ වැඩිම උෂ්ණත්වය වාර්තා කරලා තියෙන්නෙත් සැප්තැම්බර් මාසේ.අපිත් මෙහෙම ඉහින් කනින් දාඩිය පෙරාගෙන තැම්බි තැම්බි ඉන්නකොට දැනෙනවා නේද ඇත්තටම ගෝලීය උෂ්ණත්වය වැඩිවෙලා කියලා.අපි උපන්න දා ඉදලා ජීවත්වෙන අපේ රටේ දවසින් දවස ,මාසෙන් මාසේ,අවුරුද්දෙන් අවුරුද්ද අපිට දැනෙන උෂ්ණත්වය දරාගන්න බැරි තරම් වෙනවා කියන්නේ මොකක් හරි ගැටළුවක් තියෙනවා කියන එකනේ.
අපේ දහඩිය වලින් කියවෙන්නේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම නේද?ශරීරය සිසිල් කරගන්න අයිස්ක්‍රීම් එකක් හෙමි හෙමින් තොලගාද්දිවත් අපිත් මේ ක්‍රියාවට අඩුවැඩි වශයෙන් දායක වෙනවා කියන එක තේරුම් ගනිමු නේද?

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )