අනාවැකි කරුවන් පසුපස යමුද? අපි අනාවැකි කියමුද?

මේ කාලයේ අනාවැකිකරුවන් වගේම අනාවැකිත් බහුල කාලයක් වෙලානේ.ජ්‍යෙතිෂ විද්‍යාව නියමාකරයෙන් හදාරපු අය වගේම ඒ ලෙසින් පෙනීසිටින්නවුන්ද ඕනි තරම් ඉන්නවා.ඒවා ගැන එක් එක් පුද්ගලයින්ගේ විශ්වාසය අනුව ඒ ඒ අය ක්‍රියාකරනවා.අපේ ජීවිතේ විවිධ අවස්ථාවලදි අපි සුබ නැකතක් භාවිතා කිරීම සාමාන්‍ය ක්‍රියා පිලිවෙත වුනත් ඉන් එහාට ගිහිල්ලා මේ නැකැත් වලට වහල් වෙලා කරන ක්‍රියා ගැනත් අපිට රටේ ඉහළම තැන ඉදන්ම අහන්න ලැබෙනවනේ.අර්ධ වශයෙන් නිමාකරපු ව්‍යාපෘති නිමවෙන්නකලින් විවෘත කරන්නෙත් මේ සුබ නැකැත් නිසා සිදුවනවායයි කියන ප්‍රතිඵල ගැන කියන අනාවැකි පිළිබඳ තියෙන අන්ධ විශ්වාසය නිසාමනේ.ව්‍යපෘතියක් පටන්ගන්නකොට වගේම ඒක නිමකරලා ප්‍රයෝජනයට ගන්න සුබනැකතක් භාවිතා කරනකොට හැමෝටම ඒ ගැන සුබ හැඟීමක් ඇතිවීම ස්වභාවිකයි.මටනම් හිතෙන්නේ අන්න එතකොටයි නියම සුබ ප්‍රතිපල ලැබෙන්නේ.ඒ හැඟීම බලෙන් දෙන්න හැදුවට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ කියන එකයි මගෙ මතය.මේ වැල් වටාරම් ගිහින් මම කියන්න හදන්නේ මේකයි.
අපි මේ අනාවැකි වලට වහල් වෙන්න ඕනි නැහැ.අපිට අපි ගැන ආත්ම විශ්වාසයක් තියෙනවනම් අපි මොකටද මේ අනවශ්‍ය බයක් ඇතිකරගන්නේ.ඒ ආත්ම විශ්වාසයෙන් අපිට පුලුවන් අපිට එන ගැටළු විසදගන්න.අපිට අනාගතේ දකින්න පුලුවන් පහසුවෙන්ම.ඒකට විශේෂ හැදෑරීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ.ඕනි වෙන්නෙ පියවි සිහිය විතරයි.මේක අපේ ජීවිතේ ගැන වගේම අපි අවට වෙන අපිට සංවේදී අනෙකුත් කාරණා වලදිත් අදාලයි.අපිට කරන්න තියෙන්නේ යන රැල්ලට ඔහේ යන්නේ නැතුව පොඩ්ඩක් නැවතිලා හොඳ සිහියෙන් ඒ කාරණා ගැන හිතලා බලන එකයි.එතකොට මෙතෙක් නොදැක්ක විදිහට අපිට ඒ කාරණා තේරුම් යයි.අපිට අන් අයට ඉදිරියෙන් ඉන්නත් පුලුවන් එතකොට.එතකොට අපේ ආත්ම විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා.ඒ අවස්ථාවේදී අපේ මතය පිරිසක් අතරට ඉදිරිපත් කරත් ජනප්‍රිය නොවෙන්න පුලුවන්.මොකද අද සමාජයේ ඉන්න බහුතරය රැල්ලට යන අය මිසක් දෙයක් ගැන කල්පනා කරන අය නොවෙන නිසා.ඒත් ටික කාලයක් යද්දි ඒ කියපු දෙය ඇත්ත වෙද්දි ඔබටම ඔබ ගැන සතුටු හිතේවි.උත්සාහ කරලා බලන්න..අනිවාර්යයෙන්ම ඔබටත් අනාගතය ගැන අනාවැකි කීමේ හැකියාව තියෙනවා.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to අනාවැකි කරුවන් පසුපස යමුද? අපි අනාවැකි කියමුද?

  1. රාජ් පවසයි:

    අපේරට තරම් මේවා ගැතිවූ රටක් ලෝකයේ ඇත්දැයි සැක සහිතය. හම්බන්තොට වරාය සම්බන්ධයෙන්ද සිදුවූයේ මෙයයි.

  2. arunishapiro පවසයි:

    හිප් හිප් හූරේ!!! ඔහොම හිතන්නේ මා විතරක් නොවේ කියා දැක්කම දැනෙන්නේ මහත් සතුටක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )