අපේ අවකාශය සොයාගෙන සැරිසරමු නිදහසේ…

ඔබත් මමත් මේ පෘතුවියේ සිටිනා බොහෝ පිරිස අතරින් කෙනෙක්.පහුගිය දවස්වල ආන්දෝලනයට ලක්වුන විදිහටනම් අපි කෝටි 700ක් (බිලියන 7) අතරින් එක් පුද්ගලයෙක් පමණයි.එහෙම හිතනකොටනම් හිතටත් මොකක්ද වගේ නේද?එතකොට අපිට අයිති කොටස ගණනය කරලා බැලුවොත්…ගණක යන්ත්‍රය පාවිච්චිකරලා බලමුද?මෙන්න මේක තමයි පිළිතුර 1.428571428571428571428571428571 e-10…මේක තවදුරටත් සුළුකරලා බැලුවොත් 0.000000000143 ට ආසන්න අගයක් තමයි එන්නේ.මේ විදිහට බැලුවොත්නම් අපිට ඇත්තටම් ඇති දෙයක් නෑ නේද?අපි නොගිණිය හැකි තරම් සුළුයි වගේ තමයි මෙහෙම ගණනය කරොත්නම් පේන්නේ.ඒත් ඇත්තටම අපිට අයිති කොටස මේ තරම් සුළු නැහැ නේද?අපිට මීට වඩා අවකාශයක් තියෙනවා අනිවාර්යයෙන්ම. අපි කලයුත්තේ අන්න ඒ අවකාශය හා එහි සීමාවන් නිවැරදිව අදුනගන්න එක.අන්න ඒ කාරණේදි තමයි අපිට බොහෝ වෙලාවට වරදින්නේ.අපි සමහරවෙලාවට අපේ අවකාශය හදුනාගන්නේ නෑ වගේම අනිත් අයගේ අවකාශයන් වල සීමාවන් ඉක්මවලා යනවා.ඒ වගේම අපේ අවකාශයට අන් අයට අතපොවන්න දීලා අපි අපේ සීමාවන් තුලම කොටුවෙලා හිරවෙනවා.අපි මේක හිතා මතා කරන දෙයක් නෙවෙයි.බොහෝවෙලාවට ඉබේම සිදුවෙන දෙයක්.ඒකෙන් වෙන්නේ තමන්ගේ නිදහස තමාම සීමාකරගන්නව වගේම අනිත් අයට කරදරයකුත් වෙන එක.
අපි හොඳින් තේරුම් ගන්න ඕනි මනුස්සයෙක් විදිහට ඉපදුන අපි හැමෝටම මේ ලෝකය ඇතුලේ වෙන්වෙච්ච අවකාශයක් තියෙනවා කියන එක.ඒක අපේ අයිතිවාසිකමක්.ඒ අවකාශයේ සීමා හදුනගෙන ජීවත්වෙන එක අපේ යුතුකම.හබැයි අපි එදිනෙදා ජීවිතේදී මේ දේවල් අමතක කරන වෙලාවල් තියෙනවා.සමාජයත් එක්ක මුහුවෙද්දි අපිට අපේ සීමාවන් වගේම අන් අයගේ සීමාවන් හදුනාගන්න අපහසු වෙන වෙලාවල් වගේම අමතක වෙන වෙලාවල් තියෙනවා.අපි මිනිසුන් අධික තැනක ඔවුන් අතරින් ගමන් කරද්දි උත්සාහ ගන්නේ ඒ කිසිවෙකුගේ ශරීරයක කායික වශයෙන් ස්පර්ශ නොවී ඉන්නනේ.පොදු වාහනයකට නැග්ගත් මිනිස්සු තව කෙනෙක් ගාව වාඩිවෙන්නේ තනියමම ඉදගන්න හිස් ආසනයක් නොවුනොත් විතරයිනේ.අපි තනියම ඉන්න අවස්ථාවල මෙහෙම හැසිරුනාට අපේම කෙනෙක් ඒ කියන්නේ පවුලේ කෙනෙක්,හිතමිත්‍රයෙක් වගේ එක්ක ඉද්දි ඒක වෙනස්වෙනවා.මොකද අපි එතකොට ඔවුන්ට ඉඩදීලා තියෙනවා අපේ සීමාවන්ට සමීපවෙන්න.අන්න ඒවගේ තමයි අපි අපිට අයිති මානසික අවකාශයෙදීත් එක් එක් කෙනා වෙනුවෙන් පනවපු සීමා තියෙනවා.මේ සීමා ඉක්මවීම නිසා තමයි මිත්‍රකම්,නෑදෑකම් පළුදු වෙන්න හේතුවෙන්නෙත්.අපි හොඳට මේ දේ තේරුම් ගන්න ඕනි.පුද්ගලයෙක් තමන්ගේ හොඳම මිත්‍රයා,පෙම්කරන කෙනා,ආයතන ප්‍රධානියා වුනත් අපිට ඒ ගොල්ලන්ගේ හැමදේම තීරණය කරන්නවත්,ඔවුන්ගෙ පෞද්ගලිකත්වයට ඕනිවට වඩා අතදාන්නත් බෑ කියන එක තේරුම් ගන්න ඕනි.හැමෝටම අයිතිය තියෙනවනේ ඒ අයගේ අඹ්හිමතය පරිදි ක්‍රියාත්මක වෙන්න.මමනම් කියන්නේ අපිට ඒකෙන් කරදරයක් නෙවෙයිනම් අපිට ඒ පුද්ගලයාගේ ක්‍රියාවන් ගැන ප්‍රශ්න කරමින් ඔහුගේ අවකාශය ආක්‍රමණය කරන්න කිසිම අයිතියක් නෑ කියලයි.මෙතනදී ප්‍රශ්නයක් එන්න පුලුවන් අනිත් අයට කරදරයක් නොවී ඒ පුද්ගලයාට හානි වෙන දේකදී අපි ක්‍රියාත්මක වෙන්න ඕනි කොහොමද කියන එක ගැන.මටනම් හිතෙන්නේ අපි අපිට හානියක් වෙන විදිහේ ක්‍රියාවක නිරත වෙනවානම් අන් අයත් ඒකෙන් බලපෑමක් වක්‍රාකාරව හරි වෙනවා කියලයි.තමන්ගේ මතය අනිකා මත බලයෙන් පැටවීමට අපිට කිසිම අයිතියක් නෑ.තමන් කරන නිසා මේ දේ කරමු කියලා අන් අයව පෙළඹවීම අපිට අයිති නෑ.ඒ වගේම අපි දැනගන්නත් ඕනි අපිට තියෙන අපේ අවකාශය පාවිච්චි කරගෙන අපේ නිදහස බුක්ති විඳින්න.අපිත් එක්ක කෑමට ගිය අනිත් අය වේගයෙන් කෑවා කියල තමන් හදිස්සි වෙන්න ඕනි නෑ.අනිත් අය සාප්පු සවාරියේ යනවා කියලා ඔබ යන්න ඕනිත් නෑ.පසුපසින් එන වාහනය නලාව ශබ්ද කරාකියලා ඔබ ඔබට සුවපහසු නොවන වේගයකට යායුතු නෑ.ඒ වගේම තමයි කෙනෙකුගෙන් ඇයි අරක කළේ නැත්තේ?ඇයි දැන්ම බඳින්නේ නැත්තේ?ඇයි හෙට එන්නේ නැත්තේ? ආදී වශයෙන් අනුන්ගේ පෞද්ගලිකත්වයට හිසපොවන්න උත්සාහ කරන්න ඕනිත් නෑ.අපි දැනගතයුතු දේයක් නම් ඒ පුද්ගලයින්ම අපිට කියයි.
ඉතින් එහෙනම් ඔබට ඔබගේ අවකාශයේ නිදහසේ සැරිසරන්න දීලා මම මෙතනින් නවතිනවා.(මම මගේ අවකාශය තුළ ඉදන් හිතට ආපු මේ සිතුවිලි මට අයිති සයිබර් අවකාශයේ තියෙන සටහනින් කියවා බැලීම හරි නොබැලීම හරි ඔබේ අවකාශය තුළ ඔබට අයිති තීරණයක්.)

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )