ආතුරයින් අතර අනාතුරව….

මේ වාක්‍ය ඛණ්ඩය ජයසේන ජයකොඩි මහතාගේ බුද්ධ චරිතය ඇසුරින් ලියවුන පොත්වල දකින්න තියෙන මම කැමතිම වචන පෙළක්.ඒ කියමනේ තේරුම ඉතා වැදගත් අපේ ජීවිතවලටත්.මේකෙන් කියවෙන එක දෙයක් තමා සමාජයේ ජීවත් වෙන බහුතරයක් ආතුරයින් බව.මේ සමාජයේ සිද්ධවෙන සිදුවීම් දිහා බැලුවහම අපිටත් ඒක වටහාගන්න පුලුවන්නේ හොඳින්ම.බහුතරයක් දෙනා සිතින් ආතුර වෙලා කියලා කරන කියන දේවලින් පැහැදිලි වෙනවා නිවැරදි සිහියෙන් හිතලා බැලුවහම.එතකොටයි තේරෙන්නේ අපි කරන දේවලින් කොයිතරමක් හිස් වැඩද කියලා.මේ මොන විකාරයක්ද කියලා හිතෙනවා.ඒත් ඒ එක්කම අපි මතක තියාගන්න ඕනි හැම මනුස්සයකුටම තමන් කැමති දේවල් කරන්න අයිතියක් තියෙනවා අනිත් අයට කරදරයක් නොවෙන විදිහට.ඒ දේවල් විනිශ්චය කරන්න,විවේචනය කරන්න කලින් අපි බලන්න ඕනි අපි කරන කියන දේවල් ගැන.අනිත් අය නොදැනුවත් කමින් හරි පුරුද්දට හරි කරන දේවල් අපි හිතන විදිහ අනුව විකාර වැඩ වුනත් ඒක ඒ මිනිස්සුන්ගේ ජීවිතේනෙ.අපි ඒ අය එක්ක ගැටුම් වලට යන එක නෙවෙයි ඒ මිනිස්සුන්ව තේරුම් ගන්න එකයි වටින්නේ.අපි අනුන් කරන නිසා ඒ දේම කරන්න ඕනි නෑ.අපිට මොළයක් තියෙනවනේ.අපි ඒකෙන් වැඩගන්න ඕනි.ආතුරයින් අතර අනාතුරව කියන එකෙන්ම කියවෙනවනේ අපිට අනිත් මිනිස්සුන්ගෙ කටයුතු වලින් ස්වාධීනව අපිට දැනෙන නිවැරදි මාර්ගයේ ගමන් ගන්න පුලුවන් කියලා.අන්න ඒකයි වටින්නේ.ගතට වැළදෙන රෝගවලින් ආරක්ෂාවෙන්න අපි එන්නත්,පෙති වර්ග භාවිතා කරනවා වගේම අපිට පුලුවන් අපේ හිත ලෙඩ කරවන කාරණා තේරුම් අරගෙන ඒවයින් ආරක්ෂා වෙන්න ක්‍රියාමාර්ග ගන්න.මේ උත්සව සමයේ ඒ ක්‍රියාමාර්ග ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.අපි එක් එක්කෙනා මේ ආකාරයට හිතලා නිවැරදිව වැඩ කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම ආතුරයින් ප්‍රමාණය අඩුවෙනවනේ.මේ සටහන අවසන් කරන්න මම ඉංග්‍රීසි කියමනක් සඳහන් කරන්නම්.
“Make yourself an honest man,there will be one rascal less in the world.”
ඉතින් අපි ආතුරයින් අතර අනාතුරව ජීවත් වෙමු.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to ආතුරයින් අතර අනාතුරව….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )