අනාගත පරපුර වෙනුවෙන් අද විදුලිය ඉතිරි කරමු..

ඔන්න මේක කියවද්දිම මම පැහැදිලිව කියනවා මේ සටහන ආණ්ඩුවට කඩේ යෑමක්නම් නෙමෙයි කියලා.මොකද ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ පිං පඩිගන්න ඇමතියන්ටත් දැන් හදිස්සියේ මතක් වෙලානේ රටට අවශ්‍ය විදුලිය මේ රටේ නිපදවාගන්න් අමාරුයි කියලා.මෙච්චර ගංගා,ඔයවල් තියෙන, රට වටේම මුහුද තියෙන,හොඳින් හුළං හමන ප්‍රදේශ තියෙන මේ රටේ විදුලියෙන් 85% තාප බලයෙන් උත්පාදනය වෙන්නේ කියන එක දැන් ගොඩාක් අය දන්නවනේ.අර ආණ්ඩුවට මේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරාට මේ කාළකණ්ණි දේශපාලුවොනේ මේ රට විනාශ කලෙත්,කරන්නෙත්.ඒකනේ අපේ තාත්තලා ඉගෙන ගන්න කාලේ ඉදන් තාමත් පාසල් වලත් උගන්වන්නේ ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටකි කියලා.ඒවගේම අපිට තේරෙනවනේ උපාධිධාරීන්ට රැකියාවක් දෙන්නත් මන්ත්‍රී ලයිස්තු උපයෝගී කරගන්න මේ රට කවදාවත් දියුණු වෙන පාටකුත් නෑ කියලා.ඒත් ඉතින් අපි හැමෝම රට අතහැරලා යන්නද?බෑනේ.අපි මේ ක්‍රමයන්ට අනුගත වෙලා හරි නැතුව හරි මේ රටේ ජීවත් වෙන්න ඕනිනේ.ඒකෙදි අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපි අද ඉදන්ම ක්‍රියාත්මක වෙන්න ඕනි.මේ රටේ පාලකයෝ ඔවුන් ගැන කිසිම දෙයක් කරන්නේ නෑ කියන එක අපි තේරුම් ගන්න ඕනි.100 විතර ඇමති මණ්ඩලයක් නඩත්තුකරනගමන්,සැණකෙළි වලට කෝටි දහස් ගනන් වියදම් කරන ගමන් පාසල් ළමුන්ට ශිෂ්‍යාධාර දෙන්න මුදල් නැති ආණ්ඩුවක්නේ මේක.ඒනිසා මුන් මොනවා හරි කරයි කියලා හිතනවනම් ඒක මෝඩකමක්.දැන් ළගකදි වුන ගාස්තු සංශෝධනයත් එක්ක විදුලි බිල ගෙවා ගන්න අමාරුකම් ඇතිවෙන පිරිසක් වගේම එහෙම ආර්ථික අපහසුතා නැති පිරිසකුත් ඉන්නවනේ අපි අවංකවම හිතලා බැලුවහම.ඒත් ලොකුම දේ කොහොමහරි මේ බිල් ගෙවාගන්න එක නෙමේ.අපි විදුලිය පරිස්සම් නොකරොත් අපිට අඳුරේ ඉන්න වෙන එකයි.අපි තේරුම්ගන්න ඕනි මෙන්න මේ දේයි.මොකද බිල කොයිතරම් වැඩිකලත් ඒ ආයතන වල තියෙන දූෂණ,වංචා.සේවක අතිරික්ත එක්ක මේ ප්‍රශ්නයේ කෙළවරක් වෙන්නේ නැහැ.අපි රටට ආදරේ නම්,අපේ අනාගත පරපුරට ආදරේ නම් කරන්න තියෙන හොඳම දේ තමයි විදුලි අරපිරිමැස්ම.නැතුව අපිට ලැබෙන වැටුපත් එක්ක බලපුවහම මේ බිල මොකක්ද කියලා උජාරුවෙන් බිල ගෙව්වට මේ ප්‍රශ්නෙට විසදුමක් ලැබෙන්නේ නැහැ.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to අනාගත පරපුර වෙනුවෙන් අද විදුලිය ඉතිරි කරමු..

  1. විචාරක පවසයි:

    2012 ජනවාරි මාසයේ මගේ විදුලි බිල ඒකක 160 යි. ගෙවිය යුතු මුදල රු 2181 යි. 2012 මාර්තු. ඒකක 155 යි. මුදල 2881 යි. ඉතින් මොකද කරන්නේ. වොට් 90 ක් යන මොනිටරය අහක දාලා ගෙවන්න ගත්තා වොට් 35 ක් යන එල්.සී.ඩී. මොනිටර් එකක්. එත් පලක් නැහැ වගේ.

    • MLS පවසයි:

      ඒකක ගාන අඩුවෙලත් විදුලි බිල වැඩිවීම වෙනවා තමයි.ඒත් අපි ඔය බිල කොහොමහරි ගෙව්වත් පරිභෝජනය අඩුනොකර අයෙත් ඔය චක්‍රයමනේ.අපි ඕක ගැන ආර්ථික පැත්තෙන් විතරක් හිතුවොත් අපිට මේ අර්බුදයෙන් කවදාවත් ගැලවෙන්න බෑ.බලශක්ති අපතේයාම ලෝක අර්බුදයක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )