දේශපාලන මිථ්‍යා මත දුරලමු.සුන්දර රටක් වෙනුවෙන් එක්වෙමු.

ඉතා තීරණාත්මක ජනාධිපතිවරණයකින් පසුව තමත් ගෙවිලා තියෙන්නේ මාස හතරක් වැනි ඉතා කෙටි කාලයක් විතරයි.ඒත් සමාජ වෙබ් අඩවිවල අපි අපිම බෙදා ගන්න තොරතුරු දැක්කහම හිතෙන්නේ හුඟක් කාලය ගතවෙලා වගෙයි.ඇත්තටම ඒකට හේතු මොනාද?බහුතර කැමැත්තෙන් මෛත්‍රී දිනුවේ මිනිස්සුන්ට ගොඩාක් බලපොරොත්තු එක්ක.මිනිස්සු ඉවසල ඉවසලා බැරිම තැන මහින්දව පරාජය කරලා ඒවෙලාවේ තිබ්බ හොදම විකල්පය වෙච්ච මෛත්‍රීව දිනෙව්වා වගේම රට හොඳ මාර්ගයට යොමුකිරීමේ නොඉවසිලිමත් බාවයෙන් ඉන්නේ.ඒකයි මේ කාලය මේ තරම් ගිහින් කියලා හිතෙන්නේ.දශක ගණනාවක් තිස්සේ ජරාජීර්න වෙච්ච අපේ රටේ දේශ්පාලනය ප්‍රාතිහාර්යකින් වගේ එක පාරටම හොඳ දියුණු තලයකට පත්වෙන්නේ නෑ කියන එක අපි දැනගන්න ඕනි.අපි හමෝම දන්නවා දේශපාලුවන්ට වඩා මේ රටේ ජනතාවගෙන් බහුතරය බුද්ධිමත් කියලා.ඒනිසා අපි දැනගන්න ඕනි අපේ බුද්ධිය හොඳින් පාවිච්චි කරන්න.තව මාස කීපයකින් පාර්ලිමේන්තුවට යවන මන්ත්‍රීවරු තොරන්න අපිට අවස්තාව ලැබෙනවනේ.අන්න ඒකෙදි අපි හොඳ තීරනයක් ගන්න ඕනි.තමන් කැමති පක්ෂෙට ඡන්දෙ දෙන එක තමන්ගේ අයිතිය.ඒ වුනත් අපි දැනගන්න ඕනි බලලොභී,දුෂිත,මෝඩ,අධම පින්බත්තු ටිකක් අපේ සහ අපේ අනාගත පරපුර වෙනුවෙන් තීරණ ගන්න පාර්ලිමේන්තුවට යවනවද නැත්තම් හොඳයැයි විශ්වාස කළහැකි අලුත් පිරිසක් යවනවද කියන එක.(මේකෙදි අපිට වරදින්නත් පුලුවන්,මොකද කොකාගේ සුද දකින්න පුළුවන් ඉගිලෙන කොටනේ. ) ඒත් අපිට දැන් පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසෙන් ලැජ්ජ නැතුව ආයේපාරක් තෝරලා යවන්න පුළුවන් මන්ත්‍රීලා දහයක්වත් ඉන්නවද කියලා හිතලා බලන්න.එක්කො උන්ට දූෂණ චෝදනා(ඔප්පු වුනත් නැත්තත් අපි දන්නවනේ අපේ ප්‍රදේශයේ මන්ත්‍රීලා ගැන) ,එක්කො දැන් වයස වැඩියි,එක්කො කිසි උගත්කමක් නැති මෝඩයෝ,මැරයෝ,එක්කො පාර්ලිමෙන්තුවේ කතාවක් වත් කරන්නේ නැති කිසිම වැඩකට නැති කම්මැලියෝ,එක්කො වාචාලකම විතරක් තියෙන නිකම්මු.ඉතින් අපි අපිම හිතලා බලමු නේද මුන්ගෙන් කාටවත් වැඩක් තියෙනවද කියලා. ඒනිසා අපි එක හොඳට තේරුම් අරන් හොඳ තීරණයක් ගමු.මෙහෙම තීරණයක් ගන්න බාධාවෙන දේශපාලකයින් ගැන අපෙ තියෙන මිත්‍යා මත කිහිපයක් දැන් විමසා බලමු.
1.අපි දේශපාලකයින්ට ණයගැතිය.
සම්පූර්ණ වැරදි අදහසකි.ඔවුන් කරන්නේත් අපි බහුතරය වගේම රැකියාවකි,සේවා සැපයීමකි.ඔවුන්ව අපේ බදු ආදායම් වලින් නඩත්තු කරනුයේ ඒ ඒ කාරයය්න් කිරීමටය.හැම මන්ත්‍රීකෙනෙකුටම ආණ්ඩුව විසින් මුදල් වෙන් කරනුයේ තමන්ගේ ප්‍රදේශයට වියදම් කිරීමටයි.ඔවුන් ඡන්ද හිගාකෑමේදී ඔවුන් කිරීමට අදහස් කරන් සිටින දේවල් අපිට පවසන අතර ඒව සලකා බලා අපි ඡන්දය භාවිතා කන්නෙමු.ඔවුන් ඒ දේ කළාවුවත් එතනින් ඒ ගනුදෙනුව අවසානය.ඊළඟ වාරයේදී ඒ කළදේ මත යම් විශ්වාසයක් ගොඩනැංවුනද ඡන්දය භාවිතා කළ යුත්තේ කිරීමට සිටින දෙය මතයි.මොකද අපි ඔවුනට ලබාදෙනුයේ ඉදිරියට අපි වෙනුවෙන් තීරණය ගැනීමේ බලයයි.සුදුසුකම් තියෙන අයටත් රැකියා ගන්න මුන් ගාවට යන්න වෙලා තියෙන්න මුන්ට නැති බලයක් අපි විසින්ම ආරෝපනය කරන ලද හෙයින්මයි.අපේ රටේ තියෙන රැකියා අපිට ලැබෙන්න ඕනි තමා.නැතුව එකට වෙන රටවල් වලින් ගෙනත් දාන්නයැ?අතීතයේදී ලියපදිංචි තැපෑලෙන් ගෙදරටම ආපු රජයේ පත්වීම් ලිපි මෑතකාලයේදී ලොකු රැස්වීමක් තියලා,මිනිස්සු රස්තියාදු කරවලා දේශපාලකයින් අතින් දෙන්නේ බොරු බලයක් මවපාන්න විතරයි.
එබැවින් ඔය “කළගුණ සලකමු” වැනි අපේ සංස්කෘතිය හා බැදුනු ශ්‍රේෂ්ඨ ගතිගුණ මේ අධම දේශපාලනයට කිසිසේත්ම අදාල නොවේ.
2.mඅන්ත්‍රී/ඇමති හැදින්වීමට ගරු වචනය භාවිතා කළ යුතුයි.
සම්පූර්ණ වැරදි අදහසකි.ගරු යනුවෙන් අදහස් කරනුයේ කිසිම මූල්‍ය්මය අදායමක් ලැබීමෙන් තොරව යම්කිසි ක්‍රියාවක් කිරීමට දායක වීමයි.මොවුන් ලබාගන්නා පඩි,දීමනා ආදිය සලකා බලනකොට මොවුන් ගරු වන්නේ කෙලෙසද?
3.උතුරු පළාත් සභාවට ඉඩම්,පොලිස් බලතල නොදිය යුතුයි.
හරි,උතුරු පළාත් සභාවට පමණක් නොව කිසිම පළාත් සභාවකට මෙම බලතල නොදිය යුතුයි.මොකද අපි හොඳාකරවම දන්නවනේ මේ බලතල නැතුවත් අපේ පළාත්වලත් මහඇමතියි ගෝලයොයි හැසිරෙන විදිහ.ජාතිය,ආගම කුමක් වුවත් දේශපාලකයා දේශපාලකයමයි.ඔවුන්ගේ ජඩ වැඩ වල මේවයින් ස්වායක්තයි.ඉතින් පනින රිලවුන්ට ඉනිමන් දෙනවද?

මම මෙතන සඳහන් කළේ ඉතාමත් සුළු කරුණු කීපයක් පමණයි.තව ඔඅනෙ තරම් කරුණු ඇති.අපි කැමති දේශපාලන පක්ෂය මොකක් වුනත් අපි තේරුම්කරගන්න ඔනේ දේවල් ගොඩක් තියෙනවා.
මේ රටට වැඩියෙන්ම විදේශ ආදායම් ලැබෙන්නේ අපිව යටත්කරන් හිටිය විදේශිකයින් වවලා ගියපු තේ හා රබර්වලින්,ඉබේ වැවුන පොල් වලින්,මැදපෙරදිගට කාන්තාවන් වහල් සේවයට පිටත්කිරීමෙන් හා ඇඟලුම් කර්මාන්ත වලින් කියලා.මේ රටේ දේශපාලකින් විසින් රට පත් කරලා තියෙන තැන ඔතනයි.හැමදාම ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගැන කිය කිය ඉඳලා වැඩක් නැහැ.ඒ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන අපේ වර්තමානයත්,අනාගතයත් දියුණු කරගන්න ඕනි.මේ රට දේශපාලකයින්ගෙ විතරක් නෙමෙයි.අපි හැමෝගෙම රට.අපේ වගකීම අපි ඉටු නොකරර ඉඳලා අනිත් අයට බැනලා වැඩක් නැහැ.ප්‍රාතිහාර්යයකින් වගේ එක් වරම සියල්ල වෙනස් නොවුනට අපි කලබල නොවී රට දියුණු කිරීමට පෙළගැසෙමු.
අපි අද බුද්ධිමත්ව තීරණය කළොත් හෙට දවසේ සුන්දර රටක ජීවත් වෙන්න පුළුවන්.

Martin Luther King Jr. — ‘If you can’t fly then run, if you can’t run then walk, if you
can’t walk then crawl, but whatever you do you have to keep moving forward…’

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to දේශපාලන මිථ්‍යා මත දුරලමු.සුන්දර රටක් වෙනුවෙන් එක්වෙමු.

  1. malaka පවසයි:

    එක දෙයක් ගැන හැර අනෙත්වා සමග එකගයි , එකග වෙන්න බැරි “උතුරු පළාත් සභාවට ඉඩම්,පොලිස් බලතල නොදිය යුතුයි.” කියන එකට, දෙමළ මිනිහෙක් තවත් දෙමල මිනිහෙකුට කරදර කරහම එක විසදන්න සිංහල මිනිස්සු යන්න ඕනෑ ද? එක හරිම මෝඩ කමක්. වෙනත් ජාතියක කෙනෙක් කරන වැරදි හොයන්න ඒ ජාතියේ අයටම බර දෙන්න ඕනේ, නැතිනම් එක ජාතීන් අතරේ ගැටළුවක් වෙනවා. එයාල එයාලගේ ප්‍රශ්න අපි විසදන්න ගිහිල්ල අහක යන නයි ඔඩොක්කුවේ දාගත්ත වගේ වෙනවා නේද?

    ඔයාට ( සහ වෙනත් ගොඩක් දෙනාට ) ප්‍රශ්නය වෙලා තියෙන්නේ පොලිසිය සහ අදිකරණය කියන ඒවා ටපලව ගැනීමයි.

    • MLS පවසයි:

      එකගයි.මම අදහස් කලේ ගැටලුව ඇත්තේ ජාතියේ,ආගමෙ නොව දේශපාලකයා යන සත්වයාගේ බවයි.අපි මොන ජන කොටසට අයත් වුවත් ඔවුන් අපව එකිනෙකා හා බිඳවා තම පැවැත්ම තහවුරැ කරගනියි.අන්තිමට අපි එරෙහිවන්නේ අපි වගේම පීඩා විදින ජනතාවකටයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )