ගරු ගරු ගරු..හැමෝම ගරු..කරයි සුදුස්සන්ට නිගරු…

දැන් අපේ රටේ ගරු තුමන්ලා වැහි වැහැලා.උත්සවයක් ගත්තොත් ඔය වචනයෙන් කී දෙනෙක්ව ආමන්ත්‍රණය කරනවාද?දේශපාළුවන්ව නම් අනිවාර්යඉ.හබැයි මටනම් හිතෙන්නේ පුරුද්දට එහෙම ආමන්ත්‍රණය කළාට ඒ ආමන්ත්‍රණයේ නියම තේරුම බොහෝදෙනෙක් නොදනවයි කියලා.විශේෂයෙන්ම “ගරු” කියන ආමන්ත්‍රණයේ.සාමාන්‍යයෙන් ගරු කටයුතු වැඩ කරන අයටයි ගරු කියන නම්බු නාමයෙන් ආමන්ත්‍රණය කරන්නේ.එතකොට ගරු කටයුතු වැඩ කියන්නේ මොනවාද?කිසිදු වරප්‍රසාදයක්,වැටුපක්,මුදලක් බලාපොරොත්තුවකින් තොරව ස්වේච්ඡාවෙන් කරන කටයුත්තක්, දරණ තනතුරක් තමයි සාමාන්‍යයෙන් ගරු කටයුත්තක් කියලා හදුන්වන්නේ.ගමක,කාර්යාලයක සුබසාධක සමිතිවල තනතුරු දරන්නවුන් ගරු කියලා හදුන්වන්නේ ඒකයි.ටෙලිනාටකවල පොඩි දර්ශනයක නොමිලේ පෙනී හිටින්නවුන් තමයි නාමාවලියේදි “ගරුරඟපෑම්” විදිහට හදුන්වන්නේ.එතකොට අපි දැන් කල්පනාකරලා බලන්න ඕනි පුළුවන්තරම් වරප්‍රසාද ලබාගන්න,වැටුප් ගන්න ඇමති,මන්ත්‍රී,සභාපති ආදීන්ගේ සිට වැටුප් ලබාගෙන කිසියම් කාර්යයක් කරන කිසිවෙකුටවත් “ගරු” කියන ආමන්ත්‍රණය ගැලපෙනවද කියලා.ඒක ගැලපෙන්නෙ නෑ නේද?ඒ අයට එහෙම ඇමතීමෙන් වෙන්නේ නියම ගරු කටයුතු වැඩකරන පූජ‍ය පක්ෂය,ස්වේච්ඡා සේවකයින් ආදී නියම උත්තමයන්ට නිගරු කිරීමක් කියන එකයි මගේ අදහස.පාර්ලිමේන්තුව ඇතුළෙදි පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මන්ත්‍රීවරුන් “ගරු මන්ත්‍රී” කියලා අමත ගත්තට එයින් පිටතදි ඔවුන් “ගරු” වෙන්න විදිහක් නැහැ.
අනිත් එක තමයි “තුමන්” කියන ආමන්ත්‍රණය.ඒකේ තේරුම “උතුමන්”කියන එකනේ.උතුම් වැඩකරන්නවුන් උතුමන් වෙයි.ස්වාර්ථයට වඩා පරාර්ථය ගැන හිතනවුන් උතුම්වැඩකරන්නවුන් වෙයි කියන එකයි මගේ අදහස.ඒනිසා දැන් මේ කරන ආමන්ත්‍රණවලින් නියම උතුමන්ට කරන්නේ කොයිතරම් අපහාසයක්ද?
අන්තිමට මට කියන්න තියෙන්නේ එක එකාට ගැතිවෙලා, වරප්‍රසාද ලබාගැනීමේ අරමුණින් කොතනදි කවුරු කොහොම කාව ඇමතුවත් අපි හොඳ සිහියෙන් කල්පනාකරලා බලලා තේරුම් අරගන්න ඕනි ඇත්ත.ඒවගේම අපි අපේ අනාගත පරපුරටත් ඒක තේරුම් කරලා දෙන්න ඕනි.එහෙම නැතිවුනොත් ඔවුන්ටත් අපිට වගේම කලු ගල් පාවෙන.ගොම රිටි යටයන සමාජයක ජීවත් වෙන්න වෙයි.
එන්න අපි මේ ප්‍රෝඩාකරී සමාජයෙදි වසන් කරන්නට උත්සාහ කරන සත්‍යය දකිමු.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to ගරු ගරු ගරු..හැමෝම ගරු..කරයි සුදුස්සන්ට නිගරු…

  1. PP පවසයි:

    how about ගරු පෙම්වතා? හැමෝම පෙම් කරන්නේ වතුර මාරු කර ගන්නම නෙමෙයිනේ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න